Today, March 7, 2025, Mr. Devsiri Hewavidana went to Ransegoda North Junior College to donate high tables and chairs worth Rs. 60,000 for the college’s laboratory at his personal expense.
At a small ceremony held at the science lab,school Principal Ajith said that Devsiri Hewavidana, who donated over Rs. 2.5 million in equipment and buildings to schools, and provided scholarships and other assistance to school children, was a great asset to the entire Kamburupitiya.
The school children enthralled the guests with beautiful songs and dances. The thank you letter sent to Mr. Devsiri later by the lab assistant, Mrs. Tekla, and the pictures taken at the event are shown below.
රන්සෑ ගොඩ උතුර පාසැල් විද්‍යාගාරයට මේස හා පුටු
අද 2025 මාර්තු 7 වන දා දෙව්සිරි හේවාවිදාන මහතා රන්සෑගොඩ උතුර කණිෂ්ඨ විද්‍යාලයට ගියේ එතුමාගේ පෞද්ගලික වියදමෙන් විද්‍යාලයේ විද්‍යාගාරයට අවශ්‍ය රු 60000ක් වටිනා උස මේස හා පුටු පරිත්‍යාග කිරීමටය. විද්‍යාලයේ පැවති සුළු උත්සවයේදී ගරු විදුහල්පති අජිත් කුමාරසිරි මහතා කියා සිටියේ රුපියල් ලක්ෂ 250කට අධික උපකරණ හා ගොඩනැගිලි පාසැල් වලට පරිත්‍යාග කිරීම, පාසැල් දරුවන්ට පොත්පත්, සපත්තු , ශිෂ්‍යත්ව හා අනෙකුත් ආධාර සපයන දෙව්සිරි හේවාවිදාන මහතා මුළු කඹුරුපිටියටම මහත් සම්පතක් බවය.
ඉන්පසු විදුහලේ දරු දැරියන් අලංකාර ගී හා නැටුම්වලින් පැමිණ සිටි අමුත්තන් ප්‍රබෝධමත් කළහ. විද්‍යාගාර සහායිකා ටෙක්ලා මහත්මිය විසින් දෙව්සිරි මහතා වෙත පසුව එවන ලද ස්තුති ලිපිය හා එම උත්සවයේදී ගන්නා ලද පින්තූර පහළින් දැක්වේ.
ස්තූති ලිපිය
දෙව්සිරි හේවාවිදාන මැතිතුමනි,
රන්සෑගොඩ උතුර විද්‍යාලීය මෑත ඉතිහාසයේ වෙසෙසින්ම දිදුලන දිනයක් වූ අද දිනය,විදුහල් ඉතිහාසයට එක් විය.
පසුගාමී මෙන්ම දුර්වල ආර්ථික පසුබිමකින්ද යුතු රන්සෑගොඩ උතුර විද්‍යාලීය ප්‍රජාව ඔබතුමාගේ නායකත්වයෙන් යුතු “ගාලු මිතුරු පදනම” පිරිනමන ලද රුපියල් පනස්දහසක් ඉක්මවූ වටිනාකමකින් යුතු විද්‍යාගාර ඩෙස්ක් පුටු පරිත්‍යාගය,නුදුරු ඉතිහාසය ලද විශිෂ්ටතම දායාදයක් සේ සලකන බව සඳහන් කිරීම කිසිසේත් අතිශයෝක්තියක් නොවනු ඇත.
අද දින අප විදුහල් භූමියට සම්ප්‍රාප්ත වී,අපගේ සරල ආදර සත්කාරයන් විඳිමින් දෙහෝරාවක් තිස්සේ ගත කළ කාලය,අපහට අතිමහත් වූ ගෞරවයකි.එහිදී ඔබතුමාගේ නිහතමානී ගුණය ද සරල අල්පේච්ඡ දිවි පැවැත්ම ද මැනවින් පිළිබිඹු විය.එය පෞද්ගලිකවම මා හට ද නිහතමානී ගෞරවය මුසු ආඩම්බරයකි.
ඔබතුමා වැනි විශිෂ්ට පුරවැසියෙකු ලොවට දායාද කළ ඔබතුමාගේ දෙමාපියන් ද ඔබගේ සෙනෙහසෙනෙබර ප්‍රියාව ද ආදරණීය දූ පුතුන් ද,මහත්සේ පින් කළවුන් බව අපි වටහා ගතිමු.
දෙව්සිරි මැතිඳුනි,
තවත් බොහෝ දිගු කලක් මේ උතුම් අරමුණ උදෙසා කැපවීමට, වෙහෙසීමට විශ්වයේ සියලු ශක්තීන් හි ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය ද චිරජීවනය ද නොමඳව ඔබ අසල වේවා යි….
මම හෘදයාංගමව ප්‍රාර්ථනා කරන්නෙමි.
මෙම මා හැඟි සේවාව සම්පූර්ණ කරනුවස් මහත් වූ කැපවීමකින් යුතුව දායක වූ,සිරිසේන ගමගේ මැතිඳුන් ද ආනන්ද හේවාවිදාන මහත්මානන් ද විදුහල්පතිතුමා ගුරු භවතුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමග විදුහලේ සියලු දූ පුතුන්ගේ ස්තුතියට පාත්රවන බව ද ගෞරවයෙන් සැලකර සිටිමි.
ඔබතුමාට තෙරුවන් සරණයි!
මම/ විශ්වාසී වූ
ඩී.ටෙක්ලා මනෝරි
රන්සෑගොඩ උතුර විද්‍යාල පාසල් ප්‍රජාව වෙනුවෙන්
2025 මාර්තු මස 07
Click below to enlarge the photos