Donation of Food Hampers to UKFG Scholars for the Srilankan New Year

On, two days before the Srilankan New Year, Mr Laksiri and Mr Ananda Hewavidana visited 40 UKFG scholars and their families with food hampers. Every food parcel contained staple foods such as rice, bread, lentils, salmon, sugar, flour, dry milk, tinned food, fruit and vegetables as well as various sweets for the children. The 40 hampers cost 15000 Rupees each and were generous gifts from Johnson Matthey (London). At a time where many parents have lost their jobs to the pandemic and are struggling to feed their families, these gifts were a godsend. All the children and their families have expressed their utmost gratitude to UKFG and Mrs Anna Newsum at Johnson Matthey. Since the economic situation is dire and many parents are struggling to feed their families, we hope to repeat this good deed in August 2021

එක්සත් රාජධානියේ ගාලු  මිතුරු පදනමේ ශිෂ්යත්වලාභී අපේ  දරුවෝ  සිංහල අලුත් අවුරුද්දට එංගලන්තයෙන් තෑගි ලබති 2021

අප්‍රේල් 11, 12,13,14 දින හතර මුළුල්ලේ අප පදනමේ ප්‍රධාන සංවිධායක ලක්සිරි හේවාවිදාන මහතා ඇතුළු කණ්ඩායම එකතුව ගාලු මිතුරු පදනම හරහා එංගලන්ත දානපතීන්ගෙන් අධ්‍යාපනික ශිෂ්‍යාධාර ලබන පාසල් දූ පුතුන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් හා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 37 දෙනෙකුට සිංහල දමිල නව වසරේ ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී. මේ සඳහා තම නොමසුරු ධන පරිත්‍යාගය සිදු කරන ලද්දේ එංගලන්තයේ සුප්‍රසිද්ධ දියමන්ති සමාගමක් වන ජොන්සන් මැතේ සමාගමෙහි අධ්‍යක්ෂිකා ඇනා නිව්සම් මහත්මිය ඇතුළු කාර්යය මණ්ඩලයයි. මෙම අවුරුදු තිළිණ මල්ලට සහල්, සීනි, කිරිපිටි, චීස්, කෝඩියල්, අල, ළුෑණු, පරිප්පු, මාළු, බිත්තර, නූඩ්ල්ස්, පපඩම් වැනි අතිශයින්ම අප දරුවන්ට හා ඔවුන්ගේ පවුල් වලට ප්‍රයෝජනවත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම බිස්කට්, තල, රටඉඳි, මාෂ්මෙලෝස්, කිරිටොෆි හා චොක්ලට් වැනි දරුවන්ගේ ප්‍රියතම රසකැවිලි කිහිපයක් ද එක් කර ගැනීමට අප සංවිධායක මඩුල්ල අමතක නොකළේ ඔවුන් දරුවන් වෙනුවෙන්ම කැප වූ ආදරණීය හා ලෙංගතු කාර්යය මණ්ඩලයක් නිසාවෙනි. දරුවන්ගේ නැණ නුවන දල්වාලීමට මෙන්ම ඔවුන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ දෛනික ජීවිතය සැපවත් කිරීමටත් හැකි සෑම අයුරකින්ම සහය වීම අප පදනමේ අරමුණයි. රටට වැඩදායි උගත් පරපුරක් බිහි කිරීමේ අඩිතාලම සකසන ගාලු මිතුරු පදනම හා අත්වැල් බැඳ ගනිමින් ජොන්සන් මැතේ දියමන්ති සමාගම එක්ව දියත් කළ අවුරුදු ත්‍යාග බෙදා දීමේ විශේෂ අවස්ථා පහතින් ඔබට දැක ගත හැක.

Click the images below to enlarge