Donation Of Sports Items And Lunch To Vitiyala South School Children

The children at Kamburupitiya  Vitiyala South School were delighted to  receive  many sports equipment , a generous gift from  Mr Mark Miller and Mrs Nickie Pharoah on November 2022. Since October 2022, they have also donated lunch to the beautiful children of the school.  On behalf of them the chairman of  UKFG, Mr Sirisena Gamage , and Mr Ananda Hewavidana handed over the PC to the School principal Mr P. G. Sugath. 

In his speech. Mr Gamage, explained the value of engaging in sports and physical exercise.  He said he would like to see one day the school produce netball and badminton champions. In his speech the principal expressed his heartfelt gratitude to Mr Mark and Mrs Nicky for the sports items his children had received. He also said that all the parents and staff were very grateful to them for offering lunch everyday to all the 60 children in the school. At a time when Srilanka was going through a serious economic crisis  it was a really relief for the parents of his children.

එංගලන්තයේ පදිංචි දෙව්සිරි හේවාවිදාන මහතා විසින් ආරම්භ කරන ලද එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම මගින් වසර 18ක් තිස්සේ දැවැන්ත සේවාවක් කරමින්, වැසී යන පාසල්වලට පණ දෙමින්, එහි අඩුපාඩු සපුරාලීම පමණක් නොව දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම මගින් දෙමාපියන්ට ද ශක්තියක් වෙයි. මේ අනුව දෙව්සිරි හේවාවිදාන මහතාගේ මැදිහත් වීමෙන් විටියල දකුණ විදුහලට ක්‍රීඩා උපකරණ හා දිවා ආහාරය ලබා දීමට එංගලන්තයේ නිකී ෆැරෝ මහත්මිය හා මාර්ක් මිලර් මහතා ඉදිරිපත් වීම එම විදුහලේ දරුවන්ගේ වාසනාවකි. එමෙන් ම දරුවන්ගේ සතුට වැඩි වන්නේ බඩ කට පුරා කෑම ලබා දීම නිසා ය. ඔවුන්ගේ අහිංසක සිනා තුළින් ඒ බව පෙනී යයි. 2022 නොවැම්බර් 29 දින  ගාලු මිතුරු පදනමේ සභාපති සිරිසේන ගමගේ මැතිතුමා මෙම ක්‍රීඩා උපකරණ විටියල දරුවන්ට පරිත්‍යාග කරන ලද්දේ ඔවුන් බොහෝ ප්‍රබෝධයට ලක් කරමින්ය. මෙම උපකරණවලින් ක්‍රීඩාව ප්‍රගුණ කොට මේ විද්‍යාලයේ දරුවන් පන්දුවෙන් හා පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි එතුමා ප්‍රකාශ කළේ ය. එමෙන් ම නිකී ෆැරෝ මහත්මියට හා මාර්ක් මිලර් මහතාට එම විදුහලේ විදුහල්පතිතුමා විශේෂ ස්තුතිය පිරිනැමී ය. නිකී ෆැරෝ මහත්මිය හා මාර්ක් මිලර් මහතා විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට දරුවන්ට දිවා ආහාරය ප්‍රදානය කිරීම ගැන තම හදපිරි ස්තුතිය පළ කරන බව ප්‍රකාශ කළ විදුහල්පති තුමා එම ව්‍යාපෘතිය අංගසම්පූර්ණව ඉටු කරන ලක්සිරි මහතාට පාසල වෙනුවෙන් තම කෘතඥතාව පළ කළේ ය.   මෙම අවස්ථාවට ආනන්ද හේවාවිදාන මහතා ද සහභාගි විය.

මීට වසර 15කට පෙර මුදල් හා පහසුකම් නොමැතිකම නිසා වසා දැමීමට ගිය මාස්මුල්ල විද්‍යාලය බේරා ගත්තේ නිකී ෆැරෝවා මහත්මිය යි. එතුමිය විසින් එම පාසලට අංග සම්පූර්ණ පුස්තකාලයක්, කාර්‍යාලයක්, පරිගණකයක්, ශාලාවට වේදිකාවක් පරිත්‍යාග කරන ලදි. ඊට අමතරව වසර ගණනාවක් තිස්සේ එම විදුහලේ දරුවන්ට නිළ් ඇදුම්, සපත්තු හා පොත්පත් ද පරිත්‍යාග කළා ය. මේ අයුරින් එම පාසල සංවර්ධනය කළ නිකී ෆැරෝ මහත්මිය දැන් විටියල දකුණ විදුහලට උදවු කරන්නට ඉදිරිපත් වීම එම දරුවන්ගේ මහා පිණක් බව නොකියා බැරිය.

Click the images below to enlarge