Over the last few years, the Principal of Uparathana Primary school in Kamburupitiya, repeatedly requested to make his school a member of the UKFG family. Unfortunately, our volunteers had not been able to visit the school for a long time. However, on the 12th September 2024, Mr. Devsiri and Mr. Ananda Hewavidana visited Uparathana School without prior notice, much to the surprise and delight of the Principal Mr. Indika and the teaching staff.
The environment of Uparathana School is extremely beautiful. Not a single speck of garbage can be found in the yard. The girls, dressed in white and wearing ties with the school logo, and the boys, dressed in white shirts and blue shorts, give add colour to the school . Accompanied by the principal Mr Devsiri and Mr Ananda, visited several classrooms . They were warmly greeted by the children with smiling faces and full of joy. The guests were very impressed to see the teachers and children maintaining the class rooms in a very orderly and clean manner. Mr. Indika explained to the guests with great pride that the education, discipline and extracurricular skills of the school children are at a high level due to the dedication of their teachers and their love for the pupils.
Mr. Devsiri, who happily visited the class rooms and chatted with the children and teachers, told the Principal that his school was the most beautiful primary school he had seen at Kamburupitiya. Amidst applause from the teaching staff he said that it was a great pleasure of them to accept Uparathana Primary School to the family of the UK Friends of Galle Friends Foundation as the 27th member. Then, Mr. Devsiri and Mr. Ananda treated the school children to delicious ice cream. The children of Uparathana, who were very happy with this unexpected treat, chatted with the guests and enjoyed the ice cream. Mr Devsiri also promised to come back to the school in January 2024 to meet everybody again and watch the children’s dance and singing . These are the pictures taken on that happy day.
කඹුරුපිටියේ උපරතන ප්‍රාථමිකයට නොකියා පැමිණි අමුත්තෝ
2024 සැප්තැම්බර් 12දා
එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනමේ පාසැල් පවුලට කඹුරුපිටියේ ගනේතැන්න උපරතන ප්‍රාථමික විදුහලත් එකතු කර ගන්නා ලෙස එහි ගරු විදුහල්පතිතුමා විසින් පසුගිය අවුරුදු කිහිපය තුළ අපෙන් කිසිම කිහිප විටක්ම ඉල්ලා සිටියේය. අවාසනාවට අප පදනමේ ස්වේච්ඡා නිලධාරීන්ට බොහෝ කලක් තිස්සේ එම පාසල නැරඹීමට යෑමට ඉඩක් ලැබුණේ නැත. එහෙත් 2024 සැප්තැම්බර් මාසයේ 12 දා දෙව්සිරි හා ආනන්ද හේවා විදාන මහත්වරු කලින් නොදන්වා උපරතන විදුහලට පැමිණියේ ගරු විදුහල්පති ඉන්දික මහතා හා ආචාර්ය මණ්ඩලය බලවත් පුදුමයට හා සතුටට පත්කරමිනි
උපරතන පාසලේ පරිසරය අතිශයින්ම සුන්දරය. මිදුලේ බේතකටවත් කසල පොදක් සොයාගත නොහැකිය. ඉතා ගාම්භීර අන්දමට සුදු ඇඳුමින් සැරසී පාසල් ලාංඡනය සහිත ටයි පැළඳ සිටි දියණියන් හා සුදුකමීසයෙන් හා නිල් කොට කලිසමෙන් සැරසුණු පුතණුවන්ලා පාසලට අමුතුම ආලෝකයක් ලබා දෙති . ගරු විදුහල්පතිතුමා සමග පන්ති කිහිපයකට ගිය දෙව්සිරි හා ආනන්ද මහත්වරු දරුවන් විසින් ආයුබෝවන් කියා පිළිගත්තේ සිනහමුසු මුහුණු වලින් හා හද පිරි සතුටින්ය. ආචාර්ය මණ්ඩලය හා දරුවන් විසින් පන්ති කාමර ඉතාමත් ක්රමානුකූල පිළිවෙලකට හා පිරිසිදුවට පවත්වාගෙන යන අන්දම දැක එතුමන්ලා ඉතාමත්ම සතුටට පත්වූහ. පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය , විනය හා බාහිර කුසලතා උසස් මට්ටමක පවතින්නේ තම ගුරුමහත්මියන්ගේ ඇප කැපවීම නිසා බවත් ඔවුන් දරුවන්ට බෙහෙවින් ආදරය කරන බවත් ඉන්දික මහතා අමුත්තන්ට පැහැදිලි කර දුන්නේ ඉතා ආඩම්බරයෙනි.
ඉතා සතුටින් පන්තිවල සංචාරය කරමින් දරුවන් හා ආචාර්යතුමියන් සමග කතාබස් කළ දෙව්සිරි මහතා කඹුරු පිටියේදී තමා දුටු ඉතාමත්ම ලස්සන ප්‍රාථමික විදුහල උපරතනය විදුහල්පතිතුමාට පැවසීය. එනිසා 27 වන සාමාජිකයා වශයෙන් උපරතනය ගාලු මිතුරු පදනමේ පාසැල් පවුලට ෛතා සතුටෙන් සම්බන්ධ කරගන්න බවට එතුමා ප්‍රතිඥා දුන්නේ ආචාර්ය මණ්ඩලයේ අත්පොළසන් මැද්දේය. ඉන්පසු මේ දෙව්සිරි හා ආනන්ද මහත්වරු පාසල් දරුවන් ට ඉතා ප්‍රණීත අයිස්ක්‍රීම් වලින් සංග්‍රහ කළෝය. මේ බලාපොරොත්තු නොවූ සංග්‍රහයෙන් බලවත් ප්‍රීතියට පත් උපරතනයේ දරුවෝ අමුත්තන් සමග කතාබස් කරමින් අයිස් ක්‍රීම් රසවින්දෝය. දරුවන්ගේ නැටුම් ගැයුම් නරඹා සතුටු වීම සඳහා 2024 ජනවාරි මාසයේ නැවතත් පාසලට පැමිණෙන බවටද පොරොන්දු වී එතුමන්ලා කුඩා දරුවන්ගෙන් සමුගත්තේය. මේ ඒ ප්‍රීතිමත් දිනයේදී ගන්නා ලද පින්තූරයි
Click below to enlarge the photos