The opening Ceremony of Badminton Court at Ullala school

Participation in sports and other physical activities can have many benefits for children. Sports offers the chance for youth to enhance their physical and social skills. Physical benefits often have an impact on emotional well-being, which can help improve student’s school performance. Playing sports with classmates can motivate and help students with their confidence, as they can engage in friendly competition and form new friendship groups by working with a new group of children.

Unfortunately, many rural schools in Srilanka lack basic sports facilities. There are many village schools which don’t even have a playground. The government tends to only help to develop netball and volleyball.

In contrast, Colombo school children enjoy cricket football, hockey, badminton, basketball, tennis, rugby as well as numerous indoor sports.

Having helped poor children with Scholarships, libraries and computer centres for 12 years, UKFG has decided to help develop sports facilities in schools at Kamburupitiya. Once again, Mr. Neil Carson has generously donated funds for this worthwhile project.

On 7th March 2018, Mr. Sirisena Gamage, the chairman of UKFG, handed over our first badminton court to the delighted children of Ullala school.

ඈත දුෂ්කර ගම්මානවල පදිංචි විවිධ මට්ටමේ කුසලතා ඇති දරුවන් අධ්‍යාපනය ලැබීමට පිය නගන්නේ  ඔවුනට රජයේ ආධාර වශයෙන් ලැබෙන පාසල් ඇදුම් ඇදගෙන රජයෙන් නොමිලයේ ලැබෙන පොත් ටිකද  රැගෙන තවමත් ඔවුන් පා නගන්නේ කිසිදා ගුරුවරුන් සම්පූර්ණ නොවන ඇතැම් විට නිසි පරිදි පාසල පවත්වා ගැනීමට ගොඩනැගිලි නොමැති උපකරණ නොමැති ක්‍රීඩා කිරීමට හෝ ක්‍රීඩා පිටියක් නොමැති ක්‍රීඩා උපකරණයක් නොමැති නාම මාත්‍රයකට පමණක් පාසලක් වූ පාසලකටය.

අගහිගකම් පිරි නිවෙස්වලින් ඔවුන් අධ්‍යාපනයට යොමු වන්නේ කවදා හෝ ලොකු මිනිසෙකු වීමේ බලාපොරොත්තුවෙනි. නමුත් පාසල් අධ්‍යාපන කටයුතු වලට අවැසි පාසල් උපකරණ මිලදී ගැනීමට තරම්වත් ආර්ථිකය ශක්තිමත් නොවූ නිවසට බරක් වීමට නොහැකි බැවින්   පාසල් අධ්‍යාපනය හැරදා  තම දක්ෂතාද පසෙකලා ආර්ථික අ‍භියෝග ජයගන්නට යන දරුවන්ද ඒ අතර බොහෝමයක් මේ ගම්මානයන්වල සිටියි. ඒ  බව දත් අප පදනම ඉගෙනීමට දක්ෂතා ඇති මෙන්ම ආර්ථික අපහසුතා ඇති දරුවන්ට වසර ගණනාවක සිටම පාසල් උපකරණ ශිෂ්‍යත්වාධාර ලබා දෙමින් ඔවුන්ගේ හෙට ලොව ජයගැනීමේ සිහිනය සැබෑ කර  ගැනීමට අත හිත දුන්නේ උසස් අධ්‍යාපන වරම් ලැබීමට එම පාසල්වල දරුවන්ටද අවස්ථාව විවර කිරීමේ උදාර අභිලාෂය පෙරදැරිවය.

පංති අධ්‍යාපනය පමණක් ලබා දීමෙන් කුඩා දරුවන්ගේ මනස දියුණු කළ නොහැක. ක්‍රීඩා කිරීම ව්‍යායායමක් මෙන්ම ක්‍රීඩාවන්හි යෙදීමෙන් දරුවන් ක්‍රීඩා ‍මනෝවිද්‍යාවත් නොදැනීම ඉගෙනගනු ලබයි. ක්‍රීඩා කරනා දරුවා තුල චිත්ත වේගය පාලනය කරමින් ක්‍රීඩාවෙහිදී මානසික ඒකාග්‍රතාවයක් තිබියු යුතුවාක් මෙන්ම , ධෛර්ය ආත්ම ශක්තිය හා ඉවසීම ඒ හරහා පුරුදු පුහුණු වීමට අවස්ථාව සැලසෙයි. ක්‍රීඩා කරන්නා ජයග්‍රහණයේදී උද්යෝගිමත් වන අතරම පරාජයේදී කම්පා නොවෙයි. පරාජිතයා ගැරහීමට ලක් නොකරයි. අවසානය දක්වාම ජයග්‍රහණය තෙක් කැපවෙයි. ක්‍රීඩා පිටියේ ලබා ගන්නා මෙවැනි අත්දැකීම් පුහුණුවීම් සාමාන්‍ය ජීවිතයේදී දී ප්‍රගුණ වීමෙන් මනා පෞරුෂ‍යකින් යුතු යහපත් පුරවැසියන් පිරිසක් බිහි වීමට හේතු වේ.

රජය එක් දරුවෙකුට එක් ක්‍රීඩාවක් යන සංකල්පය දැන් ක්‍රියාවට නංවමින් ක්‍රීඩාවට දරුවන් නැඹුරු කිරීමට උත්සාහ කර ඇත‍. නමුදු ඔවුන් නගරයේ පාසල්වල ඇති පහසුකමුත් ගම්මද දරුවන්ට ඇති පහසුකමුත් පිළිබද තැකීමක් කරනවාද යන්න ප්‍රශ්ණයක් ඇත්තේ ඉගෙනීමට දක්ෂතා මෙන්ම ක්‍රීඩාවට නව නිපැයුමට උපන් හපන්කම් ඇති ශක්තිවන්ත වූත් දක්ෂවූත් දරුවන්ට කොළඹ ප්‍රධාන පෙළේ උසස් පාසල්වල පවත්නා  ක්‍රිකට් , පාපන්දු, හොකී , රගර් , බැඩ්මින්ටන් වගේම ගෘහස්ථ ක්‍රීඩා කැරම්, දාම්, චෙස්, ටේබල්ටෙනිස්, බිලියට්  වැනි ක්‍රීඩා කිරීම හීනයක්ම වී ඇති හෙයිනි. ඒ තවමත් ඔවුනට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිට්ටනියක්වත් නොමැති වීමය. ඔවුන් කොළඹ උසස් පාසල්වල පවත්නා සමහරක් ක්‍රීඩා නම්වලින්වත් නොදත් ඒවාද වේ. ඒ තරමට ප්‍රධාන‍ පෙළේ පාසල් හා ගම්බද දුෂ්කර පාසල්වල හිඩැසක් තිබේ. මේ තත්ත්වය කොළඹ හා සියලු ප්‍රධාන යැයි කියනා නගරවල හැරෙන්නට අඩු වැඩි වශයෙන්  අනෙක් සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.  රබර් බෝලය යොදා ගනිමින් ක්‍රීඩා කරනා ක්‍රිකට්, එල්ලේ හැර වොලිබෝල්, නෙට්බෝල්වල හා උස පැනීම දුරපැනීම දිවීමේ තරගවලට රජයෙන් උපකරණයන් ලබාදීමක් සිදු කරනවා හැරෙන්නට  අනෙක් ක්‍රීඩාවන් පිළිබද ගමේ දරුවන්ට අවබෝධයක් ඇත්තේම නැත.

දියුණුවන ලෝකයේ නව දැනුම්  සමුදායත් සමග ඔවුනට දැනුම එක්  රැස් කර ගැනීමටත් නව තාක්ෂණය පරිහරණයට අප ඔවුනට ඉඩ හසර සලසවමින් අංග සම්පූර්ණ පුස්තකාල හා පරිගණකාගාරද උපකරණද පොජෙක්ටර් පොත්පත් සේම ‍ශිෂ්‍යත්ව ලබා දෙමින් දිනෙන් දින ගමේ දුවා දරුවන්ගේ යහපත උදෙසාම කටයුතු කිරීම අප සංවිධානය ක්‍රියා කිරීම පිළිබද නිහතමානී සතුටක් භුක්ති වි‍දෙන්නෙමු.  එසේම  ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවද දියුණු කිරීමටත් ඔවුන් ජාතික මට්ටමේ තරගවලට සහභාගී කරවමින් ජාත්‍යන්තර තරගයන්ට මුහුණ දීමට හැකියාව ඇති පිරිසක් කරවීමේ අදිටනින් ප්‍රථම පියවර වශයෙන් කඹුරුපිටිය හා අවට පාසැල්වලට බැඩ්මින්ටන් ක්‍රීඩා පිටි ලබා දීමට අපි තීරණය කළෙමු.

   එංගලන්තයේ දානපති නීල්කාල්සන් මහතාගේ ධනයෙන් උල්ලල මහ විදුහලට අපගේ පළමුවෙනි බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය සාදා පරිත්‍යාග කළෙමු.  2018   මාර්තු 7 දා අප පදනමේ ලංකා සභාපති ගරු සිරිසේන ගමගේ මහතා හා ගාලු මිතුරු පදනමේ නිර්මාතෘතුමන් වන දෙව්සිරි හේවාවිදාන මහතා විසින් නැවුම් වූ ක්‍රීඩාවකට ගමේ දූ දරුවන්ට අත්පොත් තබන්නට ඉඩ හසර ලබා දෙමින් නීල්කාල්සන් බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය සිසු අයිතියට පවරා දෙන ලදී.

රටේ ඉදිරි අනාගතය බාර ගන්නා සිටින අපේ දූ දරුවන් දැනුමෙන් විනයෙන් ඉහළ තලයකට ගෙන ඒමට ක්‍රීඩාවන්වල යෙදීම පිටුවහලක් වනු නිසැකය.

තවත් කල්ප ගණනක් සහන දීමනා මාස්පතා ලබා දුන්නද දුප්පත්කම මේ රටින් තුරන් කළ නොහැකිය. එහෙත් ආදායමක් නොමැති පවුලක එක් දරුවෙකු හෝ හොද ආදායම් මට්ටමකට ගෙන ඒමට හැකි වුවහොත් එදාට දුප්පත්කම යම් ප්‍රමාණයකින් අඩු කළ හැකිය. ක්‍රීඩාවට අධ්‍යාපනයට යොමු වූ දරුවා තුලින් රටට වැඩදායී මෙන්ම ඉවසීමේ ගුණයෙන්ද ගුණයහපත් කම්වලින් පිරිපුන් දරුවෙකු  ලද අධ්‍යාපනයෙන් උසස් රැකියාවකට හිමිකම් පෑමෙන් පරම්පරාවෙන් පරම්පරාවට දුප්පත්කම් අඩු වූ රටක් දැක ගැනීමට හැකි වන අනාගත ලංකාවට අපූරු ආයෝජනයක් වේ.

Click the images below to enlarge