Opening of the brand new library at Thumbe Junior school Kamburupitiya

On 2nd of  November 2017,   In a colourful ceremony Mr Sirisena  Gamage  handed over the beautiful library built with the generous funds of Johnson Matthey (London ) to the children of Thumbe school Kamburupitiya.  The event was attended by the Director of Education at Kamburupitiya Mr Sampath Deshapriya , two local  MPs Mr Ranjith Munasingha and Mr Chandan Priyashantha , Mr Laksiri Hewavidana ,Mr Ananda Hewavidana and other local dignitaries. . The children were delighted to receive more than thousands books on the day donated by Mr Mahinda Karunaratna, the founder of Karuna Foundation in Colombo and Mr Neil Carson, former CEO at  Johnson Matthey.

In his speech, Mr Gamage said “Johnson Matthey PLC (London) is one of the major  benefactors of the children supported by UKFG.  Immediately after the Tsunami, the company offered 30 Tsunami refugee children scholarships .  They have continuously sponsored the same number of children over the last eleven years. Two of the children they sponsored are now undergraduates and Gihari Kusumini Epage gained one of the highest O Level results in the country in 2015 and went on to pass her A levels to gain entry to University. Moreover, on several occasions over the last ten years, Johnson Matthey have contributed towards funds to buy shoes and books for many Schools.”

“When I heard that Ellie Davison , Charity Manager at Johnson Matthey was on holiday in Srilanka in October 2015, I  invited her to visit the schools the company supported to see for herself the difference the company funds made to the education of the children. She was garlanded and brought  to the school in a colourful parade. Ellie was delighted how her funding was being invested and how it was having a positive impact on the schools and students. She told me the visit really showed her how rural schools in Sri Lanka operate with very little money indeed, but an awful lot of creativity. That day she promised to donate UKFG enough funds to build the much needed library for the school. . Two years later I have the privilege of opening the library on behalf of the Johnson Matthey .

In their speeches, the school principal, Mrs Pushparani , Education Director Mr Deshapriya and the two local MPs expressed their utmost gratitude to Mrs Ellie Davison and Johnson Matthey for donating the school with the spacious and most beautiful library in the whole district.

After the opening of the library , there was two hours of beautiful singsongs and colourful dances performed by delightful children followed by an ice cream treat for all the children paid for by Neil Carson’s daughter Helen Carson who is an undergraduate at Newcastle University.

තුඹේ කණිටු විදුහලේ දූ දරුවන්ගේ නැණ පහන් දල්වන්නට විවර වූ නව ඩී.සී. හේවාවිදාන පුස්තකාලය

ගාලු මිතුරු පදනමේ නිර්මාතෘ ලංඩන් නුවර ඉංජිනේරු හා ලක්බිම හා රිවිර ලේඛක දෙව්සිරි පී. හේවාවිදාන මහතාගේ ඉල්ලීම මත එංගලන්තයේ ජොන්සන් මැතේ සමාගමෙන් පරිත්‍යාග කරන ලද තුඹේ කණිටු විදුහලේ නව ඩී.සී. හේවාවිදාන පුස්තකාලය 2017 ක් වූ නොවැම්බර් මස 02 දා ගාලු මිතුරු පදනමේ සභාපති සාමවිනිසුරු ගරු සිරිසේන ගමගේ මැතිතුමාගේ සුරතින් සුබ මොහොතින් විවෘත කර සිසු අයිතියට පවරන ලදී.

තම පාසලේ ඉතිහාසය පොතට එක් වන සුවිශේෂී දිනයක් වූ එදින චාම් වූත් උත්කර්ශවත් වූත් උත්සවයක් තුඹේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සිසු දරුවන් සංවිධානය කර තිබුණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වන ගරු සිරිසේන ගමගේ මැතිතුමාත්, විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූ දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මැතිතුමා සහ දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියශාන්ත මැතිතුමා, කඹුරුපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ සම්පත් දේශප්‍රිය මැතිතුමා, කරුණා පදනමේ නිර්මාතෘ මහින්ද කරුණාරත්න මැතිතුමා හා මැතිනිය, ලක්සිරි හේවාවිදාන මහතා, ආනන්ද හේවාවිදාන මහතා, ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් පැමිණි ඕවිටිගමුව මහා විද්‍යාලයේ, මාස්මුල්ල කණිටු විදුහලේ, සපුගොඩ රතනපාල විදුහලේ, සුගතපාල ගොඩවත්ත කණිටු විදුහල ඇතුළු විද්‍යාලවල විදුහල්පතිවරුද ඇතුළු සම්භාවනීය අමුත්තන් තුඹේ විදුහලේ ප්‍රාථමික අංශයේ සිඟිති  දු දරුවන්ගෙන් සැදුම් ලත් තූර්ය වාදන කණ්ඩායම ප්‍රමුඛ ඉතා දර්ශනීය පෙරහැරකින් පාසල වෙත කැඳවා ගෙන එන ලදී.

දිනෙන් දින තම පාසලේ ඉදි වෙමින් පවතින පුස්තකාලයට ගොඩ වන්නට දින ගනිමින් සිටි දු පුතුන් , විදුහල්පතිනිය හා ගුරු භවතුන් ද , දෙමාපියන්ද ආරාධිත අමුත්තන් රැගත් පෙරහැර පිටුපසින් විත් නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිරිපස එක් රොක් වී සුබ මොහොතින්  පීත්ත පටිය කපා අභිනව ඩී . සී. හේවාවිදාන පුස්තකාලය විවෘත කළ ගරු සිරිසේන ගමගේ මැතිතුමන්ට කෘතඥ සිතින් යුතුව පාසල් අහස පුරා විහිදෙන හඬින් යුත් අත්පොළසන් නාද ලබා දුනි.

චාරිත්‍රානුකූලව සිරිසේන ගමගේ මැතිතුමන්ගේ සුරතින් මල් පහන් පූජා කර පුස්තකාලය තුල ආරාධිත මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා ගත් සිරිසේන ගමගේ මැතිතුමන් පුස්තකාල ගොඩනැගිල්ලේහි නාම පුවරුවද විවෘත කරණ ලදී.මෙම සුබ කටයුතු වලින් අනතුරුව ආරාධිත අමුත්තන් ඇතුළු සියළුදෙනා විශේෂ උත්සව සභාවේ අසුන් ගත්හ. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මෙහෙයවූ උත්සවය සභාව සිංහල භාෂාවෙන් 11 ශ්‍රේණියේ ලාවල ගමගේ ඉමල්කා ඉන්දීවරී හා වක්වැල්ල ගමගේ තරුෂි මහේෂිකා සාවින්දි දියණියන් දෙපළත්, ඉංග්‍රීසි බසින් 11 ශ්‍රේණියේ කංකානම් පණ්ඩිතගේ අසිඳු දිල්සර පුතණුවනුත්, දමිළ බසින් 9 ශ්‍රේණියේ ඉහලගේ ශලිනි ප්‍රබෝධා කුමාරි දියණියත් ඉතා දක්ෂ ලෙසත් ආකර්ශනීය ලෙසත්  රැස්වීමේ වැඩ කටයුතු මෙහෙයවුහ. විදුහලේ සිසුවියන් පිරිස‍කගේ මියුරු පිළිගැනීමේ ගීතයකින් පැමිණ සිටි සැවොම ගෞරවයෙන් යුතු බැති සිතින්  පිළිගනු ලැබීය.

උත්සව සභාව ආරම්භ කරමින් ආරම්භක දේශනය සදහා සභා ගර්භය වෙත සපැමිණි තුඹේ කණිටු විදුහලේ විදුහල්පතිනිය වන පුෂ්පරාණි මහත්මිය පැමිණ සිටි ගෞරවනීය ආරාධිත අමුත්තන් හා උත්සව සභාවට සහභාගි වී සිටි සි‍යළුම දෙනා සාදරයෙන්  පිළිගනිමින් පිළිගැනිමේ කථාව ආරම්භ කල අතර, නව ඩී.සී.හේවාවිදාන පුස්තකාලය සැදිමේ මහඟු කර්තව්‍යයේ සුවිශාල මහන්සියක් හා කැපවීමක් කරණ ලද ගරු සිරිසේන ගමගේ මැතිදුන් හට විශේෂ ස්තූතිය හා ප්‍රණාමය පුද කළේය.එමෙන්ම පාසලේ දු දරුවන්ට පුස්තකාලයක්‍ නොමැති කම හේතුවෙන් මෙපමණ කලක් පොත් පත් පරිශීලනය කරමින් නවින ලොව තුල ඇති අති මහත් දැනුම සොයා යන්නන් හට තිබු ගැටළුව තම පාසලට ලැබු මෙම මහඟු පරිත්‍යාගයෙන් මින් ඉදිරිය‍ට පැණ නොනගින බව මහත් ආඩම්බරයෙන් සභා ගැබ වෙත ඒත්තු ගැන්වු එතුමිය ඒ සදහා මුල පිරූ ගාලු මිතුරු පදනමේ නිර්මාතෘ දෙව්සිරි පී ‍හේවාවිදනා මහතා ඇතු‍ළු පවුලේ සියළු දෙනාටත් , ජොන්සන් මැතේ සමාගමටත් මේ ලබා දුන් අංගසම්පුර්ණ පුස්තකාලය වෙනුවෙන් විශේෂ ප්‍රණාමය පුද කරමින් තම පිළිගැනීමේ කථාව අවසන් කලෝය.

ඉනික්බිතිව සභා ගැබ වෙත පියමං කළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂක සම්පත් දේශප්‍රිය තුමන් පොත පත පරිශිලනයෙන් ලැබෙන දැනුම අති මහත් බව පසක් කල අතර කොට්ඨාසයේ බොහෝ දුෂ්කර පාසල් වල දූ දරුවන්ට එම අවස්ථාව ලැබෙනුයේ ඉතාම අල්ප වශයෙන් බවත් ප්‍රකාශ කළේය .තුඹේ කණිටු විදුහලේ දූ දරුවන් ඉතාම වාසනාවන්ත තත්වයට පත් කල එතෙර සිට උපන් රටේ දූ පුතුන්ට ආදරය කරණ දෙව්සිරි පී හේවාවිදාන මහතා හා එම මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාටමත් , ගාලු මිතුරු පදනමේ සමාජ සත්කාර දිනෙන් දිනම වැඩි වැඩියෙන් සිදු කිරිමට ශක්තිය හා හැකියාව ලැබේවා යැයි ඔවුන්ට තම හෘදයාංගම ස්තූතිය හා ආශිංසනය පුද කරන බව  එතුමාතව දුරටත් කියා සිටියේය .

විදුහල් දරු දැරියන්ගේ නැටුම් ගැයුම් මධ‍්‍යයේ පැවති උත්සවයේ මීලඟ සභා ගැබ ඇමතීමට අවස්ථාව පැමිණීයේ උත්සවයේ ප්‍රධාන ආරාධීත අමුත්තා වන ගරු සිරිසේන ගමගේ මැති තුමන්ටය. එතුමන් විසින්ද පැමිණ සිටි ආරාධිත අමුත්තන් පිළිගත් අතර මෙවන් වු සුවිශාල සමාජ සත්කාර මෙහෙවරක් සිදු කරණ ගාලු මිතුරු පදනමේ ඉතිහාසය පිළිබදව කෙටි විස්තරයක් සිදු කලේ පැමිණ සිටි සි‍‍යළු දෙනාගේම සිත් සතන් තුළ ගාලු මිතුරු පදනම පිළිබදව මහත් වු පහන් හැගුමක් පුබුදුවාලමිනි.ජොන්සන් මැතේ සමාගම පිළිබඳ කෘතඥතා පූර්වක කෙටි හැඳින්වීමක් සිදු කළ ගමගේ මැතිතුමන් තම පදනමේ නිර්මාතෘ දෙව්සිරි මැතිතුමන් තුඹේ කණිටු විදුහලට නව පුස්තකාලයක් ලබා දීමට තීරණය කළේ, උල්ලල මහා විද්‍යාලයේ නිර්මාතෘ දිවංගත සාමවිනිසුරු දයාවංශ චන්ද්‍රසිරි හේවාවිදාන  මැතිතුමන්ගේ හේවාවිදාන පරපුරේ දූ දරුවන් රැසක් ඉතිහාසයේ අධ්‍යාපනය ලැබූ තුඹේ පාසැලට කෘතගුණ සැළකීමක් වශයෙන් බවත් ඉදිරියට එතුමනුත් , ජොන්සන් මැතේ සාමාගමත් එක්ව ගාලු මිතුරු පදනම හරහා තව තවත් ආධාර උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බවත් ප්‍රකාශ කළේය.

මින් පසු නව පුස්තකාලයට වටිනා පොත් රැසක් පරිත්‍යාග කරමින් කරුණා පදනමේ මහින්ද කරුණාරත්න මැතිතුමන් සභාව ඇමතූහ. එසේම දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මැතිතුමන් සහ දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියශාන්ත මැතිවරු මෙම කර්තව්‍යය අගය කරමින් විශේෂ කතාවන් පවත්වන ලදී.

එසේම ප්‍රදේශයේ අනෙකුත් පාසැල් නියෝජනය කරමින් මාස්මුල්ල කණිටු විදුහලේ විදුහල්පතිතුමන් ගාලු මිතුරු පදනමින් තම ප්‍රදේශයේ පාසැල්වලට සිදු කරන පරිත්‍යාග සත්කාරයන් පිළිබඳව ප්‍රශංසනාත්මක කතාවක් ඉදිරිපත් කළේය.

නැටුම් ගැයුම් වැයුම් වලින් වර්ණවත් වූ මෙම උත්සව සභාවේ  වැඩ කටයුතු නිම කිරීඹට මත්තෙන් තුඹේ කණිටු විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය මෙම සුවිශේෂී පරිත්‍යාගයට දායක වූ සැමට ස්තූතිය පුද කළ අතර උත්සව සභාවට සහභාගී වූ සැමටද ස්තූතිය පුද කරන ලදී. නීල  කාසන් මහතාගේ දියණිය හැනා කාසන් විසින් පරිත්‍යාග කරන ලද මුදලින්  සිසුන් හා අමුත්තන් සැමට ප්‍රණීත අයිස් ක්‍රීම් සංග්‍රහයක්ද සිදු කරන ලදී

Click the images below to enlarge