Donating a Much Needed Photocopier to Ullala School Kamburupitiya

On 10th October  2022,  Mrs Ruvini Hewavidana and Mr  Sirisena Gamage, chairman of UKFG ceremoniously handed over the much needed photo copy / printer to Mr Nishshanka  Abeywickrama , The Principal of the Ullala Central school in Kamburupitiya.    The machine which was worth  369,000 rupees was a generous gift from  the  former Chairman of Johnson Matthey (LONDON), Mr Neil Carson  his wife Mrs Helen Carson,  and their daughter Hannah   Hannah had spent a very happy week at the school as a part of her gap year in February 2017 and won the hearts of all the children

In his address to the assembled 340 children and teachers, the Principal   expressed his utmost gratitude to the Carson family.  He explained that  his school had a great difficulty at exam times every year because they  had to  pay outside shops  to get all the question papers ,school letters and leaflets printed. On  a few occasions. they could not conduct the term tests due to the high cost of printing . He said that the gift of Photocopier was a godsend to the school.

The principal explained that the most wonderful gift Mr and Mrs Carson had given  to the school was  the  Neil Carson Library that was donated in 2012 .  The Principal further said that the Carson library with all the new text books was the secret of the school children’s success at  Grade 5 and O level exams .  He asked Mr Gamage to convey to the Carson family their cordial invitation to visit the school one day.

At the end of the ceremony, all children and staff were treated to sumptuous lunch with an ice cream by Mrs Ruvini.

ෆොටෝ කොපි යන්ත්‍ර වනාහි අද පාසලකට ඉතා අත්‍යවශ්‍ය උපකරණයකි.

වර්තමානයේ ශ්‍රී ලාංකික සමාජයේ පවතින දරුණු ආර්ථික අර්බුදය නිසා බොහෝ දෙනෙක්  දවසේ ආහාර සොයා ගන්නේද ඉතා අපහසුවෙන් යන බව අපි කවුරුත් දන්නෙමු.මෙවැනි සමාජ ගැටලු ඇතිකාල වකවානුවක වටිනාකමින් ඉහළ  පොටෝකොපි යන්ත්‍රයක් මිලදී ගැනීම ගම්බද පාසැලකට පමණක් නොව අගනුවර සුපිරි විදුහලකට වුවද  ඉතාම අපහසු කරුණකි.

පසුගිය දින වල කඹුරුපිටියේ උල්ලල මහා විදාලයේ ගුරුමණ්ඩලය විසින් හා දරුවන් විසින් අප වෙත එවන ලද ඉල්ලීම් ගැන අවධානය යොමු කරමින් ගාලු මිතුරු පදනමේ අප විසින් උල්ලල  පාසලට වටිනා පොටෝකොපි යන්ත්‍රයක්  පරිත්‍යාග කරන ලදී.

වර්තමාන තත්වය අනුව දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට හා කාර්යාලීය වැඩ පිටස්තර ආයතනයකින් සිදු කරන විට විශාල මුදලක් වැය වේ.

ලන්ඩන් නුවර දෙව්සිරි පී.හේවාවිදාන මහතාගේ  ඉල්ලීම පරිදි  උල්ලල මහා  විද්‍යාලයට තිබුණු මෙම විශේශ අඩුපාඩුව සපුරාලීමට මූල්‍යමය දායකත්වය ලබාදීමට නීල් හා කාසන් යුවල ඉදිරිපත් වීම එම පාසලේ දරුවන් ලද මහත් භාග්‍යකි.

ශ්‍රී ලංකාවේ නිවාඩුවකට පැමිණ සිටි රුවිනි හේවාවිදාන මහත්මිය විසින් කාසන් පවුල නියෝජනය කරමින් රුපියල් ලක්ශ හතරක් පමණ  වටිනා මෙම යන්ත්‍රය 2022.10.10 දින විදුහල්පති නිශ්ශංක අභයවික්‍රම මහතාට පිරිනැමුනු අවස්ථාවයි මේ.

ෆොටෝකොපි යන්ත්‍රය පිළිගනිමින් කතා කළ අබේවික්‍රම මහතා පාසැලට අවුරුදු දහයක් පමණ කාලයක් තිස්සේ ඉතා අවශ්‍යව පැවැති ෆොටෝකොපි යන්ත්‍රයක් පිරිනැමීම ගැන නීල් කාසන් මහතා හා එම මැතිණියට තම බලවත් ස්තුතිය පුද කළේය.

ගාලු මිතුරු පදනමේ ගරු සභාපති සිරිසේන ගමගේ මහතා දෙව්සිරි හා රුවිනි  හේවාවිදාන යුවල  ලක් සිරි හා  ආනන්ද හේවාවිදාන මහත්වරු උල්ලල විදුහලට මෙතෙක් කරන ලද උදව් උපකාර මිල නොකළ හැකි තරම් වටිනා  බවට ප්‍රකාශ කළ විදුහල්පතිතුමා,  ඒ වෙනුවෙන් විදුහලේ දරුවන්ට දැක්විය හැකි ලොකුම කෙළෙහි ගුණය නම් විභාග වලින් ඉහළින්ම සමත් වී සමාජයේ යහපත් පුරවැසියන්  වීම යයි   සඳහන් කළේය.

එපමනක් නොව එදිනම උල්ලල දරුවන් තුන්සිය හතලිස් දෙනා ඇතුලු ආචාර්ය මණ්ඩලයටද රුවිනි හේවාවිදාන මහත්මිය විසින් දිවා ආහාරයද සපයන ලදී.

මේ සියල්ල ලැබීමෙන් අහිංසක මල් කැකුළු වැනි දරුවන්ගේ   මුවගේ නැගෙන සිනාව මුදල් වලින් මිල කල නොහැක…

දුශ්කරතා මැද්දේ ජීවිතය ජයගන්න සිප් සතර හදාරන්නට වෙහෙසෙන අහිංසක දරුවන්ට මෙසේ රුකුලක් වීමට හැකි වීම ගාලු මිතුරු පදනම ලබන විශිෂ්ඨම ජයග්‍රහණයන්ගෙන් එකකි.

Click the images below to enlarge