Donating The Helen Carson swimming pool to Children at Ratanapala School, Kamburupitiya

On 19th August 2022, amid colorful celebrations and fireworks, the chairman of UKFG, Mr Sirisena Gamage ceremoniously opened the Helen Carson swimming pool at Sapugoda Ratanapala school. Kamburupitiya. 

This is an another wonderful donation made by Mr Neil and Ms Helen Carson in UK at a cost of £35000. The Helen Carson pool is the first ever swimming pool built in a rural school in Srilanka with a private donations.  It is also the second  school pool in Matara District. 

The school resembled a carnival on this special day. There was much cultural dancing and singing throughout the morning. Children garlanded Mr Gamage and all the VIPs at the school and took them through a grand procession led by the school band to the swimming pool. 

In his speech, Mr Sirisena thanked Carson family profoundly  for the extremely generous gift of the swimming pool that would benefit  generations they have given to the school. 

Addressing the gathering, the school principal, Mr Aruna Epitakatuwa, thanked Mr and Mrs Carson for the wonderful gift they bestowed upon them.  . He told the gathering VIPs, parents and children that the Carson family had donated five libraries and five badminton courts and a Counselling Office to Kamburupitiya schools. They have also donated over 800 new pairs of shoes, books and computers to school children and carried out several building project . He mentioned how their daughter Hannah Carson spent sometime with Sapugoda children in her gap year  and how much joy she brought to the children by singing, dancing and plying with them

Mr Epitakatruwa assured the audience that he would make sure   that his children would not only become good swimmers but they would all gain the life saving skills and CPR through swimming coaching. He assured the gathering parents that this wonderful gift of the swimming pool was not only for his children but it would be  open to 12000 local students in 90 schools in the district

At the end of the grand ceremony, all the guests, children and parents were treated to sumptuous lunch by the pool constructor Mr Kumara Perera and Hewavidana family.

හෙලෙන් කාසන් පිහිනුම් තටාකය විවෘත කළ දා

2022 අගෝස්තු 19 දින කඹුරුපිටියේ දරුවන්ගේ ජීවිත වෙනස් ම මාවතකට යොමු කළ දවසකි. මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ, කඹුරුපිටිය සපුගොඩ ශ්‍රී රතනපාල  විදුහලට නවීන පහසුකම් සහිත හෙලන්  කාසන් පිහිනුම්  තටාකය විවෘත කෙරිණි. විදුහල්පති ඒ. කේ. එපිටකටුව මහතාගේ හා විදුහලේ දරුවන්ගේ ඉල්ලීමකට අනුව එංගලන්තයේ කාසන් පවුලේ    හා දායකත්වයෙන් ගාලුමිතුරු පදනමේ නිර්මාතෘ දෙව්සිරි.පී.හේවාවිදාන මහතාගේ හා  ගාලු මිතුරු පදනමේ සභාපති සිරිසේන ගමගේ මහාතාගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් සිදු කෙරිණි. ලක්ෂ 110ක් වැය කර ඉදි කළ මෙම පිහිනුම් තටාකයෙන් වන සේවය මිල කළ නොහැක.

හොඳ පෞරුෂයක්, විනයක්, මානසික සුවයක් වගේ ම ජීවිතාරක්ෂක පුහුණුවක් ද දරුවන්ට මේ තුළින් ලබා ගත හැක. කඹුරුපිටිය ගංවතුර තර්ජනයකට ලක්වන ප්‍රදේශයක් බැවින් දියේ ගිලී මිය යන සංඛ්‍යාව පසුගිය වසරවල බොහෝ වැඩි වී තිබුණි. මෙම පිහිනුම් තටාකය එයට කදිම විසඳුමක් වනවාට කිසිඳු සැකයක් නැත. ඒ තුළින් ජීවිත ආරක්ෂාව හා පිහිනීම ඉගෙන ගැනීමෙන් තම ජීවිතය පමණක් නොව අන් අයගේ ජීවිත ද බේරා ගැනීමට හැකියාව ලැබේ. ජීවිතයක් බේරා ගැනීමෙන් ලැබෙන මානසික තෘප්තිය මිල කළ නොහැක. මෙම සම්පත ලංකා ඉතිහාසයේ ගම්බද පාසලකට ලැබුණු මුල් ම පිහිනුම් තටාකයයි.සපුගොඩට පමණක් නොව කඹුරුපිටියේ ඕනෑම පාසල් දරුවෙකුට වගේ ම පිහිනීම නොදන්නා වැඩිහිටි අයට ද පිහිනීම ඉගෙන ගැනීමට අවස්ථාව මෙහිදී සැලසෙනු ඇත.

මෙය විවෘත කිරීමේ අවස්ථාවේ දී ගාලු මිතුරු පදනමේ සභාපති  සිරිසේන ගමගේ මැතිතුමා විසින්, හෙලන් කාසන් පිහිනුම් තටාකය සපුගොඩට ලබාදීමේ දී ඇති වූ දුෂ්කරතාවයන් හා ඒ තුළින් කඹුරුපිටියේ සමස්ථ දරුවන්ට වන යහපත පිළිබඳ පැහැදිලි කරන ල දී. අනතුරුව දෙව්සිරි හේවාවිදාන මහතා ද මෙසේ අදහස් දැක්වීය. “ගාලු මිතුරු පදනම බිහිවෙන්නේ පාසල්වලට හා පාසල් දරුවන්ට උදවු කරන්නයි. මේ පිහිනුම් තටාකයට අමතරව පසුගිය වසර 18 තුළ ගාලු මිතුරු පදනම කඹුරුපිටියේ පාසල් 17ක දරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ පුස්තකාල පහක්, බැඩ්මින්ටන් පිටි පහක්, ළමා සපත්තු කුට්ටම් 2500, පරිගණක ප්‍රොජෙක්ටර් සහ ප්‍රින්ටර් යන්ත්‍ර විශාල ප්‍රමාණයක් හා මගේ මිතුරන් කිහිප දෙනෙකු සමගින් අසරණ දරුවන් 310ට ශිෂ්‍යත්ව පිරිනැමුවා. මේ අතරින් වැඩියෙන් ම මම සතටු වුණේ ජුනි මාසයේ සිට දරුවන්ට දිවා ආහාරය ලබා දීමයි.දරුවන්ගේ කුස පිරීමෙන් ඔවුන් ලබන සතුට මම සියැසින් ම දැකීම මගේ ජීවිතයේ මම ලබපු ලොකුම සතුටක්.” අවසාන වශයෙන් කුමන අඩුපාඩු සහිතව වුවත්  දරුවන් දිනපතා පාසල් එවීම තුළින් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ලෙස සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ය.                                                          

 එමෙන් ම මෙම අවස්ථාවට මුලටියන අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂ එම්. ඒ. එම්. අකිල් මහතා ඇතුලු අවට පාසල් රැසක විදුහල්පතිවරු, ගුරුවරු මෙන්ම ක්‍රීඩා උපදේශකවරු සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙම පිහිනුම් තටාකයෙ  පුහුණුවීම් තුළින් අනාගතයේ දරුවන් ජාත්‍යන්තරය ජය ගනු නිසැක ය. දැනට පුහුණුවීම් තිබෙන දිනවල බොහෝ දෙනාගෙන් රතනපාල විදුහල පිරී තිබේ.

අනතුරුව උත්සව සභාව ඇමතූ ගරු විදුහල්පති අරුණ එපිටකටුව මහතා මෙසේ කීය

රතනපාල මහා විදුහලේ දීප්තිමත් දරුවන් වන ඔබ සියලු දෙනා පංතියේ අධ්‍යාපන කටයුතුවලින් ඉහළ ප්‍රතිඵල ලබන අතරතුරේ පාසලේ බාහිර වැඩ හා ක්‍රීඩාවලිනුත් දස්කම් පෙන්විය යුතුය යන්න මගේ අදහසයි.  එනිසා ඔබට පිහිනුම් තටාකයක් පරිත්‍යාග කිරීමට ද නීල් හා හෙලන් කාසන් දානපතීන් යුවල හා හැනා කාසන් අක්කා ඉදිරිපත් වීම ඔබගේ ලොකුම භාග්‍යයක් .     2016 දී පාසල් මිතුරියන් කිහිපදෙනෙකු එක්ක එකතු වෙලා රතනපාල විදුහලේ සතියක ඉගැන්වීමේ යෙදුන හැනා කාසන් අක්කා අප  පාසලට අලුත්ම ෆොටෝ කොපි යන්ත්‍රයක් පිරිනැමූ බව ඔබට තවම මතක ඇති. 

කාසන් පවුල අද දින  අප පාසලට  කරන ලද මේ අති විශාල පරිත්‍යාගය වෙනුවෙන් අප  විදුහලේ සෑම පන්තියකම දරුවන් කිහිපදෙනෙකු එකට එක්වී කාසන් යුවළ හා හැනා අක්කාට ස්තුති කරමින් හැකි ඉක්මනට ලිපි ලියනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා .

නිල් කාසන් දානපතිඳුන් මේ දරුවන්ගේ වාසනාවට බිහිවූ බෝධිසත්වයෙක් කියලා මට හිතෙනවා.  මේ දක්වා එතුමා කඹුරුපිටියේ පාසල් 6කට අංගසම්පූර්ණ පුස්තකාලද පාසල් 5කට බැඩ්මින්ටන් පිටි, දරුවන් 890කට නවීන සපත්තු, දහස් ගණන් පොත්පත්  පිරිනමා තියෙනවා.  දෙව්සිරි හේවාවිදාන මැතිතුමාගේ ඉල්ලීම පරිදි එතුමා රුපියල් ලක්ෂ 110ක් වැනි අති විශාල ධනයක් වියදම් කොට ගොඩනගන ලද හෙලන් කාසන් පිහිනුම් තටාකය අද දින ලබාගන්නා රතනපාල විදුහලේ අප දරුවන් අතිශයින්ම වාසනාවන්ත බව මම  අමුතුවෙන් කියන්න ඕනෙ නෑ .

පිහිනීම ව්‍යායාමයක් වගේම  දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ද වඩවන විනෝදකාමී ක්‍රීඩාවක්.  සෞඛ්‍ය ලේඛන අනුව අවුරුද්දකට ශ්‍රී ලංකාවේ 1080ක් පමණ වතුරේ ගිලී මිය යනවා.  මේ විදියට බොහෝ දෙනකු මිය යන්නේ පිහිනීම නොදන්නා නිසා.  එනිසා අප විදුහලේ දූ දරුවන් 340ත් ආචාර්ය මණ්ඩලයත් හෙලන් කාසන් පිහිනුම් තටාකය පාවිච්චි කර ඉතා දක්ෂ පිහිනුම් ශූරයන් වෙන්න ඕන විතරක්  නෙවෙයි  ජීවිතාරක්ෂකයින් වෙන්නත් ඉගෙන ගන්න ඕන. මේ හැකියාවන් නිසාම අප දරුවන් බොහොම දෙනෙකුට අනාගතයේ දී පිහිනුම් උපදේශකවරුන් මෙන් දිවයිනේ නොයෙකුත් පළාත්වල රැකියා කිරීමටද වාසනාව උදා වේවි. මේ හෙලන් කාසන් පිහිනුම් තටාකය නිසා ඉදිරියේ දී දක්ෂ පිහිනුම්කරුවන් වෙලා තවත් බොහෝ  දෙනෙකුගේ ජීවිත ගණනාවක් බේරා ගැනීමට ඔබට හැකි වනු ඇතැයි මම  හිතනවා. නිතිපතා පිහිනීමෙන් ක්‍රියාශිලීව සිටියහොත් ඔබට එය හොඳ ව්‍යායාමයක් වනවා පමණක් නොව විඳ දරා ගැනීමේ හා මාංශ පේශී ශක්තිය වර්ධනය ගැනීමට ද එය උපකාරී වේවි . 

පිහිනීම කියන්නේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්.  එදිනෙදා ජීවිතයේ ලොකු කුඩා සියලුම දෙනා දැනගත යුතු දෙයක්. ඇතැම් දරුවන්ට ආසාව තිබුණත් ඒ සදහා පුරුදු පුහුණු වෙන්න  අවශ්‍ය පහසුකම් නැහැ. අද ඔබගේ පිහිනුම් දක්ෂතා ඔප්නංවා ගැනීමට මේ ලබා දෙන හෙලන් කාසන් පිහිනුම් තටාකය ඔබ ජාතික හා අන්තර් ජාතික මට්ටමේ දක්ෂ පිහිනුම් කරුවන් බවට පත්වීමට රුකුලක් වෙනවා නොඅනුමානයි.  දෙව්සිරි මහතාගේ පරමාර්ථය නාගරික සුපිරි පාසල් වල දරුවන්ට පමණක් තිබෙන පහසුකම් කඹුරුපිටියේ ගම්බද දරුවන්ටත් ලබා දෙන්න .  ගාලු මිතුරු  පදනම මගින්  පලාතේ පාසැල් බොහෝ සංඛ්‍යාවකට ක්‍රීඩා හා සංගීත උපකරණද ලබාදී තියෙන්නේ  ඒ නිසා. දැන් ඔබට කොළඹ බොහෝ සුපිරි පාසල් වලටත් නැති අංගසම්පූර්ණ පිහිනුම් තටාකයක් ලැබිල තියෙනවා .

පිහිනීම නිසා ලැබෙන ප්‍රධානම වාසිය තමයි   ජීවිත ආරක්ෂාව.  ඊට අමතරව පිහිනීම කියලා කියන්නෙ මනා විනයකින් යුතු දරුවන් බිහිකරන ක්‍රීඩාවක්.  එය බොහෝ අංශවලින් සෞඛ්‍යය ප්‍රවර්ධනය කරනවා. මීට අමතරව, අස්ථි සෞඛ්‍යයට හිතකරවීම, මාංශ පේශි වල නම්‍යතාවය ප්‍රවර්ධනය වීම, ශරීරයේ මේද දර්ශකය අඩු කිරීම, ආත්ම ශක්තිය ප්‍රවර්ධනය කිරීම එයින් සිදුවෙනවා.  අපේ දරුවන්ගේ පිහිණුම් ශිල්පය ප්‍රගුණ කර දීම සඳහා  ඉතා දක්ෂ පිහිනුම් පුහුණුකාර ගුරුතුමකුද  මා විසින් පත්කොට ඇති බව ඉතා ප්‍රීතියෙන් සඳහන් කරන්න කැමතියි. 

දෙව්සිරි මැතිතුමාටත් ගාලු මිතුරු පදනමේ දානපතියන්ටත් අප  වෙනුවෙන් මේ දක්වා විශාල පරිත්‍යාගයක් කිරීමට හැකි වී ඇත්තේ අපේ ගරු සභාපති සාමවිනිසුරු, යටියන සිරිසේන ගමගේ මැතිතුමා නිසා.  කඹුරුපිටියේ පාසැල් දු දරුවන්ගේ අභිවෘද්ධිය සදහා දිවා රෑ වෙහෙසවෙමින් ඇප කැප වී විශාල වැඩ කොටසක් ඉටුකරන ගමගේ මැතිතුමාට අප  ආචාර්ය මණ්ඩලයත් හදපත්ලෙන් ස්තුති පුද කරන බව මම දන්නවා.  ඒ වගේම ගමගේ මැතිතුමා සපුගොඩ රතනපාල විදුහලෙහි දු දරුවන් වෙනුවෙන් කරන හැම කටයුත්තකදීම එතුමාට සහය වන දෙව්සිරි මැතිතුමාගේ සොයුරු ලක්සිරි හේවාවිදාන මැතිතුමාටත් ආනන්ද හේවාවිදාන මැතිතුමාටත් අපි කෘතඥ පුර්වකව ස්තුති කරනවා .

 මෙම හෙලන් කාසන් පිහිනුම් තටාකය රතනපාල විදුහල භූමියේ ගොඩ නැගීමට තීරණය කිරීමට පෙර දෙව්සිරි හේවාවිදාන මහතා මගෙන් ප්‍රතිඥාවක් ලබා ගත්තා. එය නම් මෙම පිහිනුම් තටාකයේ පිහිනුම් ඉගෙනගෙන විනෝද වෙන්න කඹුරුපිටියේ අනෙකුත් පාසල්වල දරු දැරියන් 12000ට ඉඩ ලබා දිය යුතුය යන්නයි. එම ප්‍රතිඥාව අකුරටම ඉටු කරමින් අනෙක් පාසල් සිසුන්ටද පිහිනීම ඉගැන්වීම සඳහා හවස් කාලයේ රතනපාල විදුහලට පැමිණීමට අපි දැන් අවකාශය ලබා දෙන බව මම ඉතා ප්‍රීතියෙන් සදහන් කරන්න කැමතියි.

ඒ වගේම  විදුහලට ගෞරවයක් ලැබෙන අන්දමට පිහිනුම් තරඟවලින් ඉහළ වාර්තාවන් තැබීමට අප  දරුවන් සියලු දෙනාටම ශක්තියත්, ධෛර්යයත් ආශිර්වාදයත් ලැබේවායි අපි එක සිතින් ප්‍රාර්ථනය කරනවා. දරුවන් හැමදෙනාටම අති දක්ෂ උපාධිධාරීන් වශයෙන් මතු දවසක රටට දැයට උපන් ගමට හා ඉගෙනගත් පාසලට උතුම් සේවයක් කරනවා දැකීම මගේ එකම බලා පොරොත්තුවයි.”

උත්සව සභාවෙන් පසු පැමිණ සිටි විශේෂ අමුත්තන් දෙමව්පියන් හා දරුවන්ට    සියලු දෙනාටම පිහිනුම් තටාකය ගොඩනැගූ  කුමාර පෙරේරා මහතා හා  හේවාවිදාන   පවුලේ  සියලු දෙනාගේ  වියදමින් ඉතාමත්   ප්‍රණීත දිවා ආහාරය සපයන ලදී.

Click the images below to enlarge