UKFG Donates sports equipment, daily lunches and various gifts to 2400 children in 12 schools

August 2022 was very busy for the few volunteers of UKFG.  On 24th August, On behalf of the  Neil Carson family in UK,  Mr Sirisena Gamage, the chairman of UKFG and Mr Devsiri ceremonious handed over the Helen Carson swimming pool to children of Sapugoda Ratanapala (Please see the separate page on our website for more details )

During August, they both have delighted the children at  Ovitigamuwa, Ullala, Massmulle, Gatara Sapugoda and Godawa with  donations  of Badminton and other sports equipment , books and 5000 Rs each. Not only that but Hewavidana brothers Mr laksiri, My Ananda and Mr Devsiri also visited more than 20  poor school children at their homes with gifts of food, books and money.

Also, UKFG has donated all the costumes worth 200,000 Rs for the members of Eastern bandar Sapugoda Ratanpala.  Hewavidana family also bought all the musical equipment for Mapalana Junio school at a cost of 150000 Rupees. We are very grateful to  our philanthropist friends in London for donating    UKFG about 52Lakhs of Rupees for our free school dinner programme. Thanks to their generosity, we were able to offer free nourishing  lunch to 2400 school children (140,000 plates )   in 12 Kamburupitiya school for five months (Please see a separate page for more details). We hope that more friends in UK would continue to contribute towards our various projects so we could give a better future to the children of Kamburupitiya.

Here is  a selection of happy faces of children   taken at  various donation events that took  place at the town in August 2022

එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම විසින් රුපියල් ලක්ෂ 110 ක වියදමින් සෑදූ හෙලන් කාසන්   පිහිනුම් තටාකය විවෘත කිරීම සඳහා එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි ගාලු මිතුරු   පදනමේ නිර්මාතෘ දෙව්සිරි හේවාවිදාන මහතා 2022 අගෝස්තු මාසයේ ලංකාවට පැමිණියේ ය.

ග්‍රාමීය දරුවන්ට තම ජීවිත කාලය තුළ දක්නට  නොලැබෙන සම්පතක් වන මෙය තුළින් දරුවන්ට පමණක් නොව  වැඩිහිටියන්ටත් පිහිණුම් පුහුණුව, මානසික සුවය ලබා ගත හැක. ගාලු මිතුරු පදනමේ ගරු සභාපති සිරිසේන ගමගේ මහතා, දෙව්සිරි, ලක්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරු සමඟ කඹුරුපිටියේ පාසල් 12 ක සංචාරය කරමින් ඒවායේ අඩුපාඩු සපුරා ලීමට මහන්සි විය . එතුමන්ලා විසින් ඕවිටිගමුව මහා විද්‍යාලයට, සපුගොඩ රතනපාල විද්‍යාලයට,  ගෝදාව කණිෂ්ඨ විද්‍යාලයට සහ මාපලාන විදුහලට බැඩ්මින්ටන් උපකරණ     පිරිනමන ලදි. එසේම එතුමන්ලා විසින්    අනෙකුත් පාසල් සියල්ලට ම පාහේ  වෙනත් ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කරන ලදී.

 එපමණක් නොව ගාලු මිතුරු පදනම විසින්  ගතාර විදුහලට මොනිටරයක්, මාපලාන විදුහලේ කණිෂ්ඨ තූර්ය වාදක කණ්ඩායමට ලක්ෂ 2 ක් වටිනා සංගීත භාණ්ඩ, සපුගොඩ රතනපාල විදුහලේ තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය ලක්ෂ 2.5 ක ඇඳුම් සහ ආභරණ ද පරිත්‍යාග කරන ලදි.   මීට අමතරව එම පාසල් සියල්ලට ම මුදල් පරිත්‍යාගයන් ද සිදු කළේ ය. මෙම සුපසන් පරිත්‍යාගයන් ලැබීම නිසා එම පාසල්වල දරුවන් සහ ආචාර්ය මණ්ඩලය අපමණ සතුටට පත් වූහ. තව ද මෙම පරිත්‍යාගයන් අතරින් ශ්‍රේෂ්ඨත ම පරිත්‍යාගය වන්නේ මසක් පුරා දරුවන්ට දිවා ආහාරය ලබා දීමයි. මේ සමග  අතුරුපසක් ලෙස අයිස්ක්‍රීම් ලබාදීම තුළින් දරුවන්ගේ සතුට දෙගුණ තෙගුණ විය.

 මීට අමතරව සියලු ම ශිෂ්‍යත්ව ලාභී දූ දරුවන්ගේ නිවෙස්වලට යමින්, ඔවුන්ගේ අඩුපාඩු සොයා බලමින්, ඒවා සපයා දෙමින්, මුදල් පරිත්‍යාග කරමින්  ඔවුන්ට සතුටක් එක් කළා පමණක් නොව දෙමාපියන්ට ද විශාල අස්වැසිල්ලක් ලබා දුණි . දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා මෙසේ මසකට ආසන්න  කාලයක් ලංකාවේ රැදී සිටි දෙව්සිරි හේවාවිදාන මහතා යළි එංගලන්තයට යෑම නිමිත්තෙන් UKFG පවුලට අයත් පාසැල් ගණනාව ක්  සුභාසංසන පිරිනමා  සමුගැනීමේ උත්සව පැවැත්වූයේ එතුමාට එංගලන්තයට රැගෙන යාමට මතක සැමරුම් රැසක් එක් කරමිනි.

Click the images below to enlarge