Mapalana school children enjoy their free lunch

UKFG continued with its free lunch for school children programme. for the fourth successive week.Here is how children at Mapalana Junior school enjoyed their treat .

මාපලාන දරුවෝ සිව් වැනි සතියටත් දිවා ආහාරය  ලබමින් සතුටු වෙති

ශ්‍රී ලංකාවේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ දෙමාපියන්ට තෙල් හා ගෑස් පෝලිම්වල දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදු වී තිබෙන නිසා ඉන් පීඩා විඳින්නේ ළමා පරපුරයි. බොහෝ දෙනා රාත්‍රිය ද ගත කරන්නේ බඩගින්නේ ය. මේ නිසා පාසලට පැමිණෙන දරුවන් උදෑසන රැස්වීමේ දී ක්ලාන්ත වෙයි. රජයෙන් දුන් කෑම වේල ද නවතා දැමූ නිසා තත්ත්වය තව තවත් උග්‍ර අතට හැරී තිබුණි. මේ නිසා ළමයින්ගේ පාසල් පැමිණීම ද පහළ මට්ටමක පැවතුණි.      

මෙවැනි ඛේදනීය අවස්ථාවක එංගලන්තයේ දානපතීන් වන නීල් කාසන්, මයිකල් හා ඇලන් හච්සන් මහතා මාර/ සිරි පඤ්ඤාලංකාර විද්‍යාලයට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන ලදී. දරුවන් 302කගේ කුසගින්න නිවා දැමීමට ඉදිරිපත් වීම මහා දානමය පිංකමකි. එමගින් කුස පුරවා ගැනීමට දරුවන් දිනපතා පාසලට පැමිණෙන අතර ඔවුන්ගේ අහිංසක මුහුණු සිනා රැල්ලකින් පිරී පැවතීම සතුටට කරුණකි. ඒ බව පහත පින්තූර තුළින් ද දැකගත හැක. මේ මහා දානමය පිංකමට දායකත්වය දරන එංගලන්⁣තයේ නීල් කාසන් මහතා ඇතුළු සියලු ම දෙනාට බලවත් ස්තූතිය පිරිනමමු.

Click the images below to enlarge