Mendis couple (USA) visits Ullala Maha Vidyalaya.

Sunday 7th January 2024 was an unforgettable day for the children of Ullala School Kamburupitiya. Ullala Maha Vidyalaya added another new page to its illustrious history . Shanti and Priyani Mendis and their two sons in America are a philanthropic family that often help poor children. Last year, the Mendis couple also donated one lakh of rupees to the UKFG when they provided free lunch to 2400 children in 12 schools for five months. They have awarded scholarships to about fifteen university students in Sri Lanka. Mendis family was also helping five university students through UKFG

Shanti &Priyani Mendis and their son Sanjay and his wife Lauren and two children who came to Sri Lanka for a January vacation and accepted the invitation of Mr. Sirisena Gamage and Mr. Devsiri and arrived at Ullala Maha Vidyalaya on Sunday, January 7th. School principal Mr. Nishanka Abeyawickrama welcomed the special guests at the school gate . They were garlanded by school prefects  and escorted to the school premises by the school girl band amid the applause of the children. The Mendis family was very happy to see the event which was organized elegantly and beautifully by the staff.

The principal Mr Abeywickrama warmly welcomed the Mendis family once again on stage The youngest children in the school first performed a wonderful dance on the stage. Appreciating the Mendis family’s service to Ullala School, student r Malisha gave an excellent speech in English. Overjoyed at seeing the children’s dancing and singing, the Mendis couple confirmed once again that their decision to help Ullala School was definitely the right one. After seeing the amazing dancing and singing skills of the children studying in the school, the children who were coming to Grade 1 in the new year performed a wonderful cultural dance.

In his speech Mr. Sirisena Gamage, chairman of UKFG explained the value of the great work done by the Mendis family and thanked them for their wonderful  help. He explained that the Mendis family, who had never met Mr. Devsiri , saw the help and services provided by his UK Friends Galle to children and decided to contribute to its funds.

Mrs. Mendes Also spoke a few words after the children danced and sang. She said that she was very happy to see the beautiful performance of the children. Her words made it clear that she would work together with Mr. Devsiri to improve the future of school children. After singing and dancing, Mendis family treated children to a delicious lunch. The children were very happy. Also, Mr. Devsiri did not forget the 210 parents who came to school. They were given delicious rice packets to take home and  share with their families.

At the end of the day all the children, teachers and parents went home happily, wishing Mr. Devsiri and the Mendis family all the best.

ඇමරිකාවේ දානපති මෙන්ඩිස් යුවල  උල්ලල මහා විදුහලට පැමිණෙයි.(2024/01/07)

2023 ජනවාරි  7 ඉරිදා  මාර/ උල්ලල විදුහලේ දරුවන්ට අමතක නොවන දිනයක් විය.  උල්ලල මහා විද්‍යාලයට එදින තවත් එක් අලුත් පිටුවකට මතක සටහන් එක්  වුණී. ඇමරිකාවේ ශාන්ති හා ප්‍රියානි මෙන්ඩිස් යුවළ හා පුතුන් දෙපළ දුප්පත් දරුවන් බොහොම කෙනෙකුට  නිතර අතහිත දෙන දානපති පවුලකි. පසුගිය වසරේදී එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම විසින්  හාරසීයකට මාස පහක් තිස්සේ නොමිලයේ දිවාආහාරය සපයන විට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණන් පරිත්‍යාග කළේත් මෙන්ඩිස් යුවලයි.  දැනට ඔවුන් ශ්‍රී ලංකාවේ  සරසවි සිසුන් පහළවකට පමණ ශිෂ්‍යත්ව පිරිනමා ඇත.  මේ කරුණාවන්ත මෙන්ඩිස් පවුල ගාලු මිතුරු පදනම හරහාද සරසවි දරුවන් පහකට උදව් කරමින් සිටි.

ජනවාරි මාසයේ නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි ශාන්ති ප්‍රියානි මෙන්ඩිස් යුවළ හා ඔවුන්ගේ දෙටු පුත් සන්ජේ හා බිරිඳ හා දරුවන් දෙදෙනා හා සිරිසේන ගමගේ හා දෙව්සිරි මහත්වරුන්ගේ  ආරාධනාව පිළිගෙන ජනවාරි 7  ඉරිදා උල්ලල මහා විද්‍යාලයට පැමිණියෝය. විදුහල්පති නිශ්ශංක අභයවික්‍රම මහතා ආචාර්ය මණ්ඩලය හා දරුවන් 350 දෙනාම විශේෂ අමුත්තන් පිරිස  ඉතා උත්සවාකාරයෙන් පිළිගත්තොය. අලංකාර වූ මල්කලඹ වලින් පිළිගැනුණු ඔවුන් පාසල තුළට පැමිණීයේ දරුවන්ගේ අත්පොළසන් මැද්දේය. ඉතා චාම්ව හා අලංකාරව සංවිධානය කර තිබූ උත්සවය දැකීමෙන් මෙන්ඩිස් පවුල ඉතා සතුටු විය. විදුහල්පතිතුමා විසින් මෙන්ඩිස් පවුල ඉතා උණූසුම් ලෙස උත්සවයේදී නැවත වරක් පිළීගත් අතර ඉන් පසුව පාසලේ ඉගෙනගන්නා දරුවන් තමන්ගේ දස්කම්  මෙන්ඩිස් පවුල ඉදිරියේ පෙන්වීමට සූදානම් වුණී. පාසලේ සිටින  පුංචිම මල් කැකුළු මුලින්ම වේදිකාවේ අපූරු නර්තනයක් ඉදිරිපත් කලේ පැමිණි  සිටි සියලු දෙනාගෙන ඇස්  එදෙසෙන් ඈත්නොකර ගනිමිනි. ඉන් අනතුරුව පාසලේ ඉගෙන ගන්න පුතෙකු විසින් අපුරු ඉංග්‍රීසි ගීතයක් ගායනා කළ අතර එය සැමදෙනාගෙම ආකර්ශනය ලබාගැනුණි. මෙන්ඩිස් පවුල විසින් උල්ලල පාසලට කරන මේ සේවාව අගයමින් මලීෂා දියණීය ඉංග්‍රීසී බස හසුරුවමින් අර්ථාන්විත කතාවක් අපූරුවට ඉදිරිපත් කළේය.දරුවන්ගේ නැටුම් ගැයුම් බලා මහත් ප්‍රීතියට පත් වූ මෙන්ඩිස් යුවල තමන් උල්ලල පාසටල උපකාර  කිරීමට ගත් තීරණය නිසැකින්ම නිවැරදි හා සාර්ථකම තීරණයක් බව ඔවුන්ට නැවත වරක් සනාථ විය. පාසලේ ඉගෙනුම ලබන  දරුවන්ගේ අපූරු   කලා කුසලතා දැකීමෙන් අනතුරුව පාසලට අලුතෙන්  නව වසරේ පැමිණීමට නියමිත දරුවන්ගේ  අපූරු නර්තනයක් ඉදිරිපත් කිරීමද ඒ අතර සුවිශේෂ විය. ඉන් පසුව ගාලු මිතුරු පදනම වෙනුවෙන් පැමිණි  ලංකා සභාපති සිරිසේන ගමගේ මැතිතුමා මෙන්ඩිස් පවුල විසින්  මේ සිදුකරන මහගු කාර්යයේ වටිනාකම විස්තර කරමින්  ඔවුන් මෙම සිදුකරන උපකාරය වෙනුවෙන් ඔවුන්ට තුති පුද කිරීමට අමතක නොකළේය. කිසිදු දිනක දෙව්සිරි මහතා නොදැක එතුමාගේ මෙම ගාලු මිතුරු පදනමෙන් දරුවන්ට සිදුකරන උපකාර  හා සේවාවන් දැක එතුමාගේ මෙම සත්ක්‍රියාව ඉදිරියට සිදු කරගෙන යමින් දරුවන්ගේ අනාගතය වඩා යහපත් දවසක් කිරීමට මෙන්ඩිස් පවුල එකතු වූයේ ඔවුන් තුළ පැවති උතුම් මනුසත්කමේ ප්‍රතිපලයක් ලෙසිනි.

 දරුවන්ගේ නැටුම් ගැයුම් වලින් අනතුරුව වචන කිසිපයක් කතා කිරීමට මෙන්ඩිස් මැතිනිය අමතක නොකළාය. එතුමිය දරුවන්ගේ දස්කම් බලා ඉතාමත් සතුටට පත් වූ බවත් එම දරුවන්ගේ දස්කම් ඇගයීමටත් අමතක නොකළේය. තවත් ඉදිරියට මෙසේ පාසල් දරුවගේ අනාගතය යහපත් කිරීමට දෙව්සිරි මැතිතුම සමග එක්වී කටයුතු කරන බව එතුමියගේ වචන වලින් පැහැදිලි වුණී. දරුවන්ගේ නැටුම් ගැයුම් වලින් අනතුරුව මෙන්ඩිස් පවුල විසින්  සියලුම දරුවන්ට හා ආචාර්‍ය මණ්ඩලයට ඉතා ප්‍රනීත භෝජනයකින් සංග්‍රහ කළේය. පුංචි දරුවන් ඉතා ආසාවෙන් එම ආහාර වෙලා භුක්ති වින්දෝය. එවගේම පාලසලට පැමිණි  දෙමාපියන් දෙව්සිරි මහතාට අමතක නොවීය. දෙව්සිරි හා රුවිනි හේවාවිදාන යුවල විසින් එදින පාසලට පැමිනි දෙමාපියන් 210ම ගෙදර ගෙන ගොස් දරුවන් සමගද භුක්ති විදීමට සදහා රසවත් බත් පැකට් බෙදා දෙන ලදී.

දරුවන්ට හා දෙමාපියන්ට ආහාර වලින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව සියලුම දෙනාට අයිස්ක්‍රීම් ලබා දුනි. මේ රසවත් ප්‍රණීත  දිවා ආහාරය භුක්ති විදීමෙන් අනතුව දරුවන් හා දෙමාපියන් ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුති පුද කිරීමට අමතක නොකළේය. ඒ වගේම දෙමාපියන් බත් පැකට්ටුව නිවසට රැගෙන ගියේ දෙව්සිරි මහතා ඇතුලු සියලුම දෙනාටම පිං දිදී ය.

 මෙදින පාසලේ දරුවන්ට ගුරුවරුන්ට හා දෙමාපියන් සියලුම දෙනා ඉතා සතුටින් සිටි අතර නිවසට ගියේද කුස පුරවා ගත් සතුටින් මෙන්ම ඔවුන් දෙව්සිරි මැතිතුමා හා මෙන්ඩිස් පවුලේ සියලු දෙනාටම මෙවැනි ක්‍රියාවන් තවත් ඉදිරියට සිදු කර ගැනීමට වාසනාව, ශක්තිය ලැබේවා යන ප්‍රාර්ථනාව හා ආශිර්වාදය සමගින් ය.

Click the images below to enlarge