Dry food items for Mapalana College

Mr. and Mrs. Devsiri Hewavidana from London joined British friends in the United Kingdom to continue with the huge charity work carried out by his father ,the late Justice of the Peace, Mr  D.C. Hewavidana who was a famous Buddhist philanthropist in the areas of Galle Matara Kamburupitiya.

Immediately after the tsunami tragedy, Mr Devsiri founded  the charity Organization called UK friends of Galle.    Devsiri and his wife Ruvini have been helping children in 17 schools in Imaduwa and Kamburupitiya area for 21 years through their foundation.

At a time when families were  in dire straits due to economic difficulties, a large number of families were given a bag of dry rations worth 10,000 rupees each. The first phase of this donation was taken at Vitiyala Vidyalaya. Nicky Pharoah and Mark  Miller were the two philanthropists  who made this donation.   A few weeks later, Mr. Devsiri donated  10000 rupees worth of dry rations to all 300  children of Ullala School.  at a cost of £5400 . The pictires of those two events are on separate pages on this website.  

A few weeks later on his birthday Mr Devsiri repeated this charity work at Mapalana School. All the 190 families of the school children were given a bag of dry rations worth 12000 Rupees each.  There were 28 essential items such as rice, coconut, lentils, potatoes , onions, sugar, tea, toothpaste, chocolates,   soap, Panadol in the bags.  Mr. Devsiri Hewavidana, late Mr. Laksiri Hewavidana’s beloved daughter Saduni Hewavidana, her husband Kasun Wijayawardena, Mr. Ananda Hewavidana, former head of NSB Bank Mr. Premawantha , former deputy principal of Ullala School Mr. Dharmadasa, UKFG’s scholarship coordinator Miss. Kasuni Jayatunga and a few fellow school principals graced the occasion.

In recent times, we have not heard of a government or private local or foreign organization donating such a large number of valuable items for school children or poor families. Although there are people who come forward to do this kind of work in foreign countries, there are hardly any people this kind of work at their own expense in our country. However, Mr Devsiri and some of his friends in UK, Mr & Mrs Neil Carson, Mr Sujith all have generously contributed towards this donation.  The children of the school welcomed him very lovingly with a bouquet of flowers He came to the ceremony, which was organized in a very beautiful and elegant manner, amid the cheers of the school children. The parents of the children also joined in this wonderful  event, which was organized with beautiful dances and songs, with great joy.

Addressing the event, School Principal Mr. Samantha Meegawaththa pointed out how valuable this donation for the parents who were struggling to feed their families.  He expressed his gratitude to Mr. Devsiri, Mr Neil Carson  and all members of UKFG  . Nr Samantha said that in the past 21 years, Mr. Devsiri and  his friends have provided great service to Mapalana School. The  students of Mapalana School were  very lucky to receive such high-level support and they would  continue to do so. After that, the school children, teachers and parents who addressed the assembly all thanked  Mr Devsiri. The happiness of the parents was translated into words by the

Mr. Dharmadasa, who participated in the event, highly appreciated the noble actions of Mr. Devsiri and said that he had never seen anyone helping poor children like this. Also, the girls of the school entertained the guests with beautiful cultural dances and songs .   Speaking a few words in reply, Mr. Devsiri stated that the happiness of the children and parents of Mapalane was his own happiness. He stated that he was making these donations as tribute to his late parents and his beloved brother Laksiri Hewavidana who passed away suddenly in 2023.

Mr Devsiri reiterated that he had no hidden agendas  such as becoming famous, going to parliament or receiving honours from the government.  His only hope is to see the children of Mapalana School benefit from the help given by UK Friends of Galle foundations and get a good education and then enter in to  university to get a degree and serve their  country and the village to best of their ability. .

After the children’s dancing and singing, the distribution of dry rations started. The parents received the 25 kg bag of goods which was difficult to lift on their own. With tearful eyes many parents thanked Mr Devsiri and the school principal.

May Mr and Mrs Ruvini  and his London friends continue with such invaluable services to poor children for years to come.

-Imasha Sathsarani-

මාපලාන පාසල් දරුවන් සැමට බඩු මලු බෙදාදීම – 2023 දෙසැම්බර් 16

ගාල්ල මාතර කඹූරුපිටිය ප්‍රදේශවල ප්‍රසිද්ධ බෞද්ධ දානපතිවරයෙකු සිටි ඉමදූව වවුලුගල වතුයායේ පරිපාලක ධූරය දැරූ දිවංගත සාම විනිසුරු ඩී.සී.හේවාවිදාන මහතා කරගෙන ගිය අති විශාල දානමය පු‍ණ්‍ය කටයුතු ඉදිරියට ගෙනයාමට එතුමාගේ දෙටු පුත් ලන්ඩන් නුවර දෙව්සිරි හේවාවිදාන මහතා හා එම මැතිනිය විසින් බ්‍රිතාන්‍ය මිතුරන් සමග එක්වී එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම

( www.ukfgsrilanka.com.uk) අරඹන ලදී.

උපන් රටට ගමට ආදරය කරන දෙව්සිරි මැතිතුමා පසුගිය වසර 21  තිස්සේ තම ගාලු මිතුරු පදනමේ මිතුරන් සමඟ එක්වී ඉමදුව හා කඹුරුපිටිය  ප්‍රදේශවල අසරණ දරුවන් සඳහා අප්‍රසිද්ධියේ විශාල සේවයක් කරමින් සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකික.එතුමා උපකාර කරන  ප්‍රදේශ වල සිටින ජනතාවට නම්  එතුමා සැබෑ ජනතා සේවකයෙකි.

ආර්ථික දුෂ්කරතා ආපදා හා අනෙකුත් අපහසුතා නිසා බලවත් අර්බුදයක සිටින කලක තම පෞද්ගලික වියදමින්  පවුල් විශාල ප්‍රමාණයකට රුපියක් 10,000ක් වටිනා බඩුමලු බඩු මල්ලක් බැගින් ලබාදීමේ මහා පිංකමක් පසුගියදා සිදුවිය. පාසල් දෙකක් මූලික කරගනිමින් මෙම පිංකමෙහි පලමු අදියර වූයේ විටියල  විද්‍යාලයට වටිනා බඩු මල්ලක් ලබාදීමයි. නිකී ෆැරෝමාර්ක් මිලර් දානපති යුවලගේ ධනපරිත්‍යාගයෙන් සිදු වූ අතර දෙව්සිරි හේවාවිදාන මැතිතුමාගේ  හා රුවිනි හේවාවිදාන මැතිනියගේ ප්‍රධානත්වයෙන් බඩුමලු බෙදාදීම සිදු විය. එහි දෙවන අදියර වූයේ දෙව්සිරි මහතාගේ තම පෞද්ගලික මුදල් ලක්ශ 21කින් උල්ලල පාසලේ සියලුම දරුවන්ට රුපියල් 10000ක් වටිනා බඩු මලු ලබාදීමයි. ඒ පිළිබද විස්තර හා පින්තූර මෙම වෙබ් අඩවියේ වෙනම පිටුවම සදහන් කොට ඇත.

ඒ සිදු කල පිංකමෙන් එතුමා බොහෝ සේ සතුටට පත් විය. එම පිංකමෙන් නොනැවතුණූ එතුමා එතුමාගේ ජන්ම දිනයේදී වෙනත් කිසිවෙකු නොකරන මහත් වූ විශාල පිංකමක් සිදු කිරීමට එතුමාගේ සිතේ පිං සිතුවිල්ලක් පහළ විය. එදා වේලා හරිහැටි පිරිමහා ගැනීමට නොහැකි බලවත් ආර්ථික අපහසුතාවයට පත් වී සිටින දරුවන් වෙනුවෙන් රුපියල් 12,000ක් වටිනා බඩු මල්ලක් ලබා දීමට එතුමා සූදානම් විය.

 මෙම බඩුමල්ලෙහි පරිප්පු ,  හාල් පොල් , ලූණු, අල, සීනි තේ කොළ, පිටි ,සැමන්, කරවල, චොකලට්  , වියලි කිරිපිටි, දත් බෙහෙත් සබන්    වැනි   අත්‍යාවශ්‍ය බඩු වර්ග විසිපහක්අඩංගු වී තිබුණී.

මේ පින්කම සඳහා එතුමා විසින්  මාපලාන විදුහලේ දරුවන් තෝරාගන්නා ලදී. ඒ පිං සිතුවිල්ල මල්පල ගන්වමින් දෙසැම්බර් 16 වෙනිදා එතුමාගේ ජන්ම දිනයේදී එම පිං කටයුත්ත සිදු විය. ඒ අවස්ථාව සදහා දෙව්සිරි හේවාවිදාන මහතා, ලක්සිරි හේවාවිදාන මහතාගේ ආදරණීය දියණීය හා එම දියණීයගේ ස්වාමිපුරුශයා කසුන් විජයවර්ධන  , ආනන්ද හේවවිදාන  මහතා,  NSB බැංකුවේ හිටපු කලමණාකාර ප්‍රේමවංශ මහතා,උල්ලල පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති  ධර්මදාස මහතා, ගාලු මිතුරු පදනමේ සම්බන්ධීකරණ නිළධාරිනී කසුනි ජයතුංග මහත්මිය  සහ සහෝදර පාසල්වල විදුහල්පතිවරු එක් වූහ.

මෑත කාලය තුළදී රජයේ හෝ පෞද්ගලික දේශීය හෝ විදේශීය  ආයතනයකින් මෙතරම් වටිනා විශාල බඩු සංඛ්‍යාවක් පාසල් දරුවන්  වෙනුවෙන් හෝ දුප්පත් පවුල්  වෙනුවෙන් පරිත්‍යාග කළ බවක් අප අසා නැත. විදේශීය රටවල මෙවැනි කටයුතු කිරීමට පුද්ගලයන් ඉදිරිපත් වුවද අප රට තුළ තම පෞද්ගලික වියදමින් මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට ඉදිරිපත් වන  පුද්ගලයින් නොමැති තරම්ය. නමුත් දෙව්සිරි  හේවාවිදාන යුවල   එංගලන්තයේ සිටින  නීල් කාසන් වැනි දාන පති මිතුරන්ගේද දායකත්වයෙන්මෙය  සිදුකිරීමට පසුබට නොවීය.

පාසලේ දරුවන් විසින් එතුමාව ඉතා ආදරයෙන් පිළිගනු ලැබුවේ මල් කලඹකින් සහ බුලත් අතක් සමගින් ය. ඉතාමත් අලංකාරව සහ චාම් ලෙස  සංවිධානය කරතිබූ එම උත්සවයට එතුමා පැමිණියේ පාසල් දරුවන්ගේ සිනා පොදි හා අත්පොළසන් මැද්දේය. අලංකාර නැටුම් ගැයුම් වලින් සංවිධානය කරතිබූ මෙම උත්සවයට පාසලේ දරුවන්ගේ දෙමාපියන් ද එක් වී සිටියේද ඉමහත් ප්‍රමෝදයෙනි.

උත්සවය ඇමතූ ගරු විදුහල්පතිතු සමන්ත මීගහවත්ත මහතා ගමේ ජනතාව බලවත් දුශ්කරතාවයෙන් පෙළෙමින් සිටින අවධියක ඉටුකරන ලද  දෙව්සිරි මහතාගේ මෙම සත්ක්‍රියාවේ වටිනාකම මිල කල නොහැකි බව පෙන්වා දුනි. පසුගිය වසර 21 තුළ දෙව්සිරි මහතා පෞද්ගලිකවත් එතුමාගේ එංගලන්තයේ මිතුරන් පොදුවේ මාපලාන විදුහලට කරන ලද මහගු සේවයෙන් බිඳක් විස්තර කරන  ලද එතුමා එවැනි ඉහළම පෙළේ උපකාර ලැබූ හා ඉදිරියේදීත් ලබන මාපලාන විදුහල් දරුවන් ඉතාම වාසනාවන්ත බවද පැවසීය. ඉන් අනතුරුව  සභාව ඇමතු පාසල් දරුවන්ද ,ගුරුවරුන්ද , දෙමාපියන්ද එතුමාට ස්තුති කිරීමට වචනද මදි විය. දෙමාපියන්ගේ සතුට වචන වලට පෙරලුනේ ඔවුන්ගේ ඇස් වලින් වැටෙන සතුටු කදුලු වලින්‍ වන අතර ඔවුන් දෙව්සිරි මහතාව දකිනුනේ මිහිපිට ජීවත් වන දෙවිකෙනෙකු ලෙසය

උත්සවයට සහභාගී වූ ධර්මදාස මහතා දෙව්සිරි මහතා මේ සිදු කරන උතුම් වූ ක්‍රියාවන් ඉතා ඉහළින් ඇගයූ අතර මෙවැනි දුප්පත් දරුවන්ට මෙලෙස උදව් කරන් කෙනෙක් එතුමා දැක නැතැයි කියමින් දෙව්සිරි මහතාගේ මෙම ක්‍රියාවන්ගේ වටිනාකම ඉතා ඉහළීන් පැවසුවේය. එමෙන්ම පාසලේ දියණීයන් අලංකාර නර්ථනයන්ගෙන් උත්සවය හැඩ කළ අතර පාසලේ ඉගෙනුම ලබන පුතෙකු විසින් දෙව්සිරි මහතා තම පාසලට පෙර සිට සිදුකල උපකාරයන් සිහි කරමින් ඉතා වටිනා කථාවක් ඉදිරිපත් කළේය. පිළිතුරු වශයෙන් වචන ස්වල්පයක් කතාකළ දෙව්සිරි මහතා ප්‍රකාශ කළේ මපාලාන දරුවන්ගේ හා දෙමව්පියන්ගේ සතුට තමන්ගේ සතුට බවයි. එදින මෙම උපකාරය සිදු කළේ මියගිය තම දෙමාපියන් හා 2023 වසරේ හදිසියේ අභාවප්‍රාප්ත වූ ලක්සිරි හේවාවිදාන නම් ආදරණීය සොහොයුරාට පිං පැමිණවීම සදහා බව මුලින්ම ප්‍රකාශ කළේය.

ජන්දය ඉල්ලීම , රජයෙන් නම්බුනාම ලබා ගැනීම හෝ ප්‍රසිද්ධිය කරා ගමන් කිරීම වැනි සැගවුණූ පුහු අරමුණූ තමාට නැති බව කී ඒ මහතා තමන්ගේ එකම අපේක්ෂාව මාපලාන විදුහලේ දරුවන් ගාලු මිතුරු පදනමේ උදව් වලින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගෙන හොඳට අධ්‍යාපනය  හදරා, සරසවි උපාධි ලබා තම රටට හා ගමට සේවය කරනවා දැකීම පමණක් වන බව පැවසීය.

උත්සවයේ නැටුම් ගැයුම් වලින් අනතුරුව බඩු මලු ලබාදීමේ කටයුත්ත ආරම්භ කෙරුණි. කියාගත නොහැකි සතුටකින් තම දෝතින් ලබාගත් කිලෝග්‍රෑම් 25ක් වූ  බඩු මල්ල දෙමව්පියන් එතුමන් අතින් ලබා ගත්තේ සතුටු කඳුළු පිරුණු ඇස් වලිනිදෙමාපියන් ලබාගනුයේ එතුමාට තුතිපුද කිරීමට එකතු වූ සතුටු කඳුලෙන් ය.

බඩුමලු  ලබාගැනීමෙන් අනතුරුව දරුවන්ද දෙමාපියන් ද සිදුකල අමිල සේවයට දෙව්සිරි හේවාවිදාන මහතාට නැවත වරක් තුති පිදීමට  අමතක නොකලේය. වෙනදට හරි අමාරුවෙන් බර කරතියන් යන මිනිසුන් එදින කිලෝග්‍රෑම් 25 කට අධික බඩු මල්ල කරතියා ගියේ කිසිදු බරක් නොදැණි හිතේ උතුරා යන සතුටකින්‍ ය. බඩු මල්ල ලබාගෙන සතුටු වූ දෙමාපියන් දකින විට දෙව්සිරි හේවාවිදාන මහතා, ප්‍රේමවංත අභයසිරිවර්ධන මහතා හා ආනන්ද හේවාවිදාන මහතාගේ  හිත්වල ඇති වූ ප්‍රීතිය මිල කළ නොහැකිය.

මෙවැනි වටිනා ක්‍රියාවන් සිදු කළ දෙව්සිරි මහතා  පිළිබඳව පැවසීමට  ශබ්දකෝෂයේ වචන ඉතා අල්පය. වෙනත් කිසිදු පුද්ගලයකු විසින් නොකරන මෙවැනි සත් ක්‍රියාවක් එතුමා විසින් සිදුකිරීම පිළිබඳව සියලුදෙනාගේම හදවත් තුල   ඇත්තේ විශාල සතුටක් මෙන්ම කියා නිම කළ නොහැකි කෘතවේඳී හැඟීමකිනි. .

මෙවැනි  වූ අමිල සේවාවන් ඉදිරියේදීත්  සිදු කිරීමට එතුමාට හා එතුමාගේ ලන්ඩන් හිතමිතුරන්ට   ශක්තිය ධෛර්යය ලැබේවායි සියලු දෙනාගේම හදවත් තුළ පවතින ඒකායන ආශිර්වාදයකි.

-ඉමාෂා සත්සරණි-

Click below to enlarge photos