UKFG volunteers visit children with gifts

Whenever Mr. Devsiri P. Hewavidana, the founder of UK Friends of Galle Foundation visits Srilanka he pops in to  the homes of the children who were receiving scholarships from UKFG .

During  his visit in October – November 2023, Mr. Devsiri Hewavidana along with Mr. Ananda Hewavidana went to many children’s homes in and around Kamburupitiya to find out the progress they were making at school

In view of the high cost of living and the difficulties faced by the ordinary people in Sri Lanka, they  took dry food bags as well as sweets to the homes of children who were unable to buy their daily meals . He also offered many of them up to 5000 Rupees extra funds for their education. Mr  Devsiri also provided many children with new pairs of shoes and books.

Also, together with Mr Ananda Hewavidana, Mr Devsiri visited the schools at  Iriyathota, Tumbe, Akurugoda Ratanajothi, Sapugoda Ratanapala, and  Massmulla . He donated various equipment for the schools

දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරුන්ගේ කඹුරු පිටියේ සමාජ මෙහෙයවර  ඔක්නොවැ 2023

එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනමේ නිර්මාතෘ දෙව්සිරි පී.හේවාවිදාන මහතාගේ සෑම ලංකා සංචාරයකදීම අප පදනමේ ශිෂ්‍යත්ව ලබන දරුවන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන්ගේ දුක සැප බැලීම හා ඔවුන්ගේ අඩුපාඩු ගැන සොයා බැලීම ඉතා සුවිශේෂී වේ.

2023 ඔක්තෝබර් – නොවැම්බර්  සංචාරයේදී දෙව්සිරි හේවාවිදාන මහතා ආනන්ද හේවාවිදාන මහතා සමග කඹුරුපිටිය හා ඒ අවට දරුවන්ගේ නිවෙස් වලට ගොස් තවදුරටත් එහි ඇති අඩුපාඩුකම් සොයා බලා ඒවා ඉටු කරදී දරුවන්ගේ අනාගතය වඩා යහපත් කිරීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ පවතින අධික ජීවන වියදම හා මුහුණ දෙන දුෂ්කරතාව හමුවේ එදිනෙදා ආහාර වේල සපුරා ගැනීමට නොහැකිව සිටින දරුවන්ගේ නිවෙස් වලට  එතුමා අවශ්‍ය කරන වියළි ආහාර  වගේම දරුවන්ට ටොපි,චොක්ලට් ද  රැගෙන ගියේ ආර්ථික අපහසුතා මැද දුක් විඳින ඔවුන් දැක ඇතිවූ කම්පාව නිසාත් එතුමාගේ හදවතේ තුළ පැවති සානුකම්පිත හැඟීමත් නිසාය.දරුවන්ගේ නිවෙස් වලට ගිය එතුමා ඔවුන්ගේ කුස්සියට පවා ගොස් කන බොන කෑම ගැනද බැ ලීය. එම මොහොතේ මුදල් හිඟකම හේතුවෙන් අඩුපාඩුකම් මැද ඔවුන් ගෙවන ජීවිතය දුටු එතුමා රු 5000  බැගින් අමතර මුදල් තෑගි  ලබාදී ඔවුන්ගේ සිත් සතුටු කිරීමට අමතක නොකළ     අතර  ඔවුන් එතුමාට පිං ලබා දුන්නේ ඇස් වල පිරි සතුටු කඳුලෙන්ය  . එ වගේම  එම දරුවන්ගේ මුහුණුවලින් මතුවූ අව්‍යාජ සිනහව දුටු එතුමාගේ සිත ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය.

එතුමාගේ මෙම සංචාරය තුළදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වනුයේ   එතුමා  පාසල් දෙකක් මුල්කර ගනිමින් එම පාසල් දෙකෙහි දරුවන්ට රුපියල් 10000ක් වටිනා බඩුමලු ලබාදීමයි. මාර්ක් මිලර් මහතාගේ  හා නිකී ෆැරෝ මහත්මියගේ අනුග්‍රහයෙන් විටියල මහා විද්‍යාලයට බඩු මුලු  ප්‍රධානය කළ අතර දෙව්සිරි මහතාගේ තම ලක්ශ 21ක් වූ පෞද්ගලික වියදමින් උල්ලල මහා විද්‍යාලයේ දරුවන්ට රුපියල් 10000ක් වටිනා බඩු මලු ප්‍රදානය කෙරුණි .මේ පිළිබඳ සියලු විස්තර අපගේ වෙබ් අඩවියේ දැනටමත් පලකර ඇත.අපගේ එම වෙබ් අඩවියට පිවිස ඒ පිළිබඳ තොරතුරු දැනගත හැකිය.(www.ukfgsrilanka.co.uk)

ආර්ථික අපහසුතා මැද තම ජීවිතය ගැටගසා ගන්නා දරුවන්ගේ ජීවිතය ආලෝකමත් කිරීමට වෙර දරන දෙව්සිරි මහතා එම මැතිනිය රුවිනී හා ගමගේ මැතිතුමා ඔවුන්ගේ අඩුපාඩුකම් ගැන සොයා බලා ඔවුන්ට උපකාර කරනවා සේම එම දරුවන්ගේ සිත් තුළ ඇති පුංචි පුංචි ආසාවන් ඉටු කිරීමටද අමතක නොකළේය.එම දරුවන්ගේ ජීවිතයේ වැදගත්ම දවස වන ඔවුන්ගේ උපන්දිනය දවසේ තෑගි මල්ලක් රැගෙන ගොස් ඔවුන්ව සතුටු  කිරීමට එතුමා අමතක නොකළේය.ඒ පුංචි මල් කැකුළු වල සන්තෝසය එතුමාගේ ජීවිතයේ එක් සුවිශේෂී මතකයන් වේ.

එමෙන්ම ඊරියතොට විද්‍යාලය, තුඹේ විද්‍යාලය, අකුරුගොඩ රතනජෝති විද්‍යාලය, සපුගොඩ රතනපාල විද්‍යාලය, ගතාර විද්‍යාලය, මාස්මුල්ල විද්‍යාලය  යන පාසල් වල දරුවන්ගේ දුක සැප බැලීමටද ඔවුන්ට තෑගි බෝග අරන් යෑමටද එතුමා අමතක නොකළේය. මේ අතර නිල ඇඳුම් මිලදී ගැනීමට නොහැකි දරුවන්ට ඒවා ලබාදීම, පාසල් සපත්තු ලබාදීම, පාසල් පොත්පල් ලබාදීම  වැනි බොහෝ සුවිශේෂී කටයුතු ඉටුකිරීමටද ගාලු මිතුරු පදනම අමතක නොකළේය.

දෙව්සිරි හේවාවිදාන මහතා ඇතුළු ගාලු මිතුරු පදනම කරන මේ සද් ක්‍රියා  කඹුරුපිටිය ප්‍රදේශයේ සිටින දුප්පත් දරුවන්ගේ අනාගතය මල්ඵල ගැන්වීමට රුකුලක් වනු ඇත. දෙව්සිරි මහතා  එම දරුවන්ගේ අඳුරු ජීවිතය ආලෝකමත් කිරීමට වෙර දරන මහා පවුරක් යැයි කියමින් දෙමාපියන් මෙන්ම දරුවන්ද එතුමාට තුති පුද කිරීමට අමතක නොකළහ.

Click the images below to enlarge