Mr Devsiri Visits many school children with presents

UKFG’s founder Mr Devsiri Hewavidana arrived in Srilanka on a short working holiday and spent the July 23 in Kamburupitiya visiting schools and children at home. He donated a computer to Vidyaniketha College at Sapugoda and gave various other gifts to 10 other schools . He also treated children to ice cream whenever he visited a school.

Srilanka was going through a serious economic crisis at the time and many parents were struggling to support their children.  Realizing the hardships they were going through Mr Devsiri and Mr Ananda visited the homes of many UKFG scholars with dry rations and other essential food. He also paid the light bills of families whose electricity had been cut off due to arrears  . Children and the parents expressed their gratitude to UKFG and Mr Devsiri for helping them in their Darkest hour

එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනමේ නිර්මාතෘ දෙව්සිරි පී.හේවාවිදාන මහතාගේ සෑම ලංකා සංචාරයකදීම අප පදනමෙන් ශිෂ්‍යත්ව ලබන දරුවන්ගේ නිවෙස්  වලට ගොස් ඔවුන්ගේ අඩුපාඩු සොයා බැලීම ඉතා සුවිශේෂී වේ.

2023 ජුනි – ජුලි සචාරයේදීද ආනන්ද හේවාවිදාන මහතා සමග කඹුරුපිටිය හා ඒ අවට දරුවන්ගේ නිවෙස් වලට ගොස් තවදුරටත් ඇති අඩුපාඩුකම් සොයා බලා ඒවා ඉටු කරලීමට එතුමා කටයුතු කලේය.

ශ්‍රී ලංකාවේ පවතින දරුණු ආර්ථික දුෂ්කරතාවය හමුවේ දෛනික ආහාර ලබා ගැනීමද ඉතා අපහසු බැවින් ඔවුන්ට අවශ්‍ය කරන වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන ගිය එතුමා සැබෑවටම ඔවුන් ආර්ථික පීඩනය හමුවේ විදින දුක දැක ඉතා කම්පාවට පත් වූයේය.

ජීවන වියදම ඉහළ ගිය කාලයක කරන්ට් බිලද වැඩි කල නිසා ස්ථිර රැකියා නැති මෙම දරුවන්ගේ දෙමාපියන්ට තම කරන්ට් බිල ගෙවා ගැනීමට නොහැකිව රජය විසින් කරන්ට් කපා තිබූ නිවෙස් කිහිපයකම  බිල ගෙවා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා තවදුරටත් උදව් උපකාර කලේය.

දැනට ශිෂ්‍යත්ව ලබන දරුවන්ගේ නිවෙස් වලට ගිය දෙව්සිරි මහතාට සහ ආනන්ද මහතාට ඒ අවට නිවෙස් වල බොහෝ දරු පිරිසක් මුදල් හිඟකම හේතුවෙන් අඩුපාඩුකම් මැද ගෙවන ජීවිතය දැක ඔව්න්ටද නොයෙක් අයුරින් උපකාර කරන ලදී.ඒ අතර පාසල් නිල ඇඳුම් මිලට ගැනීමට නොහැකි දරුවන්ට ඒවා ලබා දීම, පාසල් සපත්තු ලබා දීම,පොත් පත් ලබා දීම, ආහාර මෙන්ම අසනීප වූ දරුවන්ට බෙහෙත් ගැනීමට මුදල් ලබා දීම වැනි කාරණාද මෙවර සංචාරයෙන් පසු නව ශිෂ්‍යත්වලාභීන් දහයකට වැඩි පිරිසකට නව ශිෂ්‍යත්ව ලබා දීමද ඉතා සුවිෂේශී වේ.

දෙව්සිරි හේවාවිදාන මහතා ඇතුළු ගාලු මිතුරු පදනම කරන මේ සත්ක්‍රියාව කඹුරුපිටිය ප්‍රදේශයේ සිටින දුප්පත් දරුවන්ගේ අනාගතය මල්පල ගැන්වීමට මහත් රුකුලක් වනු ඇතැයි කියමින්සියළුම දෙමාපියන් එතුමාට ස්තූතිය පුද කිරීමට අමතක නොකලහ

Click the images below to enlarge