Donation of Period Towels to 1000 girls in five schools at Kamburupitiya

On 29th and 30th March 20121 , UK Friends of Galle (UKFG ) charity representatives, Laksiri and Ananda Hewavidana have visited four  schools in Kamburupitiya and gave away 1000 packets of period towels (Fem) to adolescent female pupils in five schools. This was a generous donation by Mrs. Gill Budd, Ashford , Kent .

Period poverty’ means being unable to access sanitary products and having poor knowledge of menstruation often due to financial constraints. In Sri Lanka, the problem is particularly acute because sanitary products are so heavily taxed . Not having access to a safe and hygienic way to deal with menstruation can have profound consequences; particularly on a girl’s education.

The children of the four schools which we have visited were ever so grateful to Gill Budd for the gift. If we could find more sponsors, we would like to repeat this donation every few months .

2021 මාර්තු 29 සහ 30 යන දිනවල එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනමේ සංවිධායකයින්   ලක්සිරි හේවාවිදාන සහ ආනන්ද හේවාවිදාන මහත්වරු  කඹුරුපිටියේ  පාසල් හතරක   (උල්ලල මහා  විද්‍යාලය  සපුගොඩ  රතනපාල විදුහල ,  තුඹේ කනිෂ්ඨ විදුහල හා  මාපලන    කනිෂ්ඨ විද්‍යාලය  )      නව යොවුන් දැරියන් සඳහා සනීපාරක්ෂක තුවා (ෆෙම්ස්) පැකට් 1000 ක් පිරි නැමූහ

මේ  පරිත්‍යාගයට මුදල් සැපයූයේ එංගලන්තයේ  දානපතිනි ජිල් බඩ් මැතිනියයි. තම පාසැල වෙනුවෙන් එම පරිත්‍යාගය භාරගත් මාපලාන විදුහලේ ගරු විදුහල්පති සමන්ත මීගහවත්ත මහතා    මේ  වටිනා උපකාරය වෙනුවෙන්  ජිල් බඩ් Gill Budd  මැතිනිය ඇතුළු පවුලේ සැමට තම බලවත් ස්තුතිය පුද කළේය

දරිද්රතාවය නිසා  ගැහැණු ළමයින්ට ඇතිවන ගැටළු

සනීපාරක්ෂක කටයුතු සපුරා ගැනීමේ දී ඇතිවන ගැටළු හේතු කොට ගෙන ඇති වන දරිද්‍රතාව යනු කුමක්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කලහොත් මින් අදහස් කරන්නේ සනීපාරක්ෂක නිෂ්පාදන කරා යොමු වීමට නොහැකි වීමයි.  බොහෝ විට මූල්‍යමය බාධාවන් හා ඔසප් වීම පිළිබඳ අඩු දැනුමක් තිබීමෙන් මේ තත්ත්වය ඇති වන බව කිව හැකිය.  මෑත වසරවලදී දරිද්‍රතාවය ගෝලීය සිරස්තලයක් බවට පත්ව ඇති අතර සංඛ්‍යාලේඛන වලට අනුව බ්‍රිතාන්‍යය වැනි ධනවත් බටහිර රටක ගැහැනු ළමයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමට නොහැකි වී තිබේ

ශ්‍රී ලංකාව දෙස බැලී⁣මේ දී සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා අධික ලෙස බදු අය කිරීම නිසා විශේෂයෙන් මේ ගැටලුව උග්‍ර වේ.  ඔසප් වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආරක්ෂිත හා සනීපාරක්ෂක මාර්ගයකට ප්‍රවේශ නොවීම විශේෂයෙන් ගැහැණු ළමයෙකුගේ අධ්‍යාපනය මත ප්‍රබල ප්‍රතිවිපාක ගෙන දිය හැකිය.  එක්සත් රාජධානියේ Plan International සංවිධානය විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ගැහැනු ළමයින්ගෙන් සියයට 49 ක්ම ඔවුන්ගේ පාසැල් කාලය ඔසප් තත්ත්වය නිසා අතපසු කර ගෙන ඇති බවයි.  මෙම ගැහැනු ළමයින්ගෙන් සියයට 59 ක් පාසැල් යාම වළක්වා ගැනීම සඳහා යම් මුසාවක් හෝ විකල්පමය නිදහසට කරුණක් ඉදිරිපත් කර ඇත.  වසරක් පුරා එක්සත් රාජධානියේ ළමුන් 137,700 ක් දරිද්‍රතාවය හේතුවෙන් පාසල අතපසු කරයි.

සනීපාරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතව ඇති මේ දරිද්‍රතාවයට බැඳී ඇති තවත් ගැටළුවක් නම් ඔසප් වීම අවට ඇති සමාජ මතවාදයයි. මෙය වැඩිවිය පැමිණී ගැහැණු ළමයින්ට විශේෂයෙන් හානිකර විය හැකිය.  ගැහැනු ළමයින් දහසකට වැඩි පිරිසකගේ සමීක්ෂණයකදී ඉන් අඩක් පමණ ඔවුන්ගේ ඔසප් දින කිහිපය නිසා ලැජ්ජාවට පත් වූ අය වන අතර, බොහෝ අය ලැජ්ජාවට පත් වේ යැයි ඇති ආකල්පය මත උපකාර ඉල්ලා සිටීමට ද  බිය වූහ. ඒ අතර 68% ක් කියා සිටියේ ඔසප් කාලය තුළ පාසලේ හෝ පන්ති කාමරය තුළ කෙරෙන අධ්‍යාපනික හා අනෙකුත් විෂය බාහිර කටයුතු සඳහා අවධානය යොමු කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඔසප් තත්ත්වය හමුවේ තමා අවට ඇති මෙම අනුවණ සමාජ දැක්ම දරුවෙකුගේ සාර්ථකත්වය කෙරෙහි සෘජුවම බලපානු ඇත. විවිධ අධ්‍යයනයන්හී නිගමනය වන්නේ ඔසප් සමයේ ⁣නව යෞවනියකට දැනෙන වේදනාව සඳහා ඵලදායීව කල හැකි ප්‍රතිකාර පිළිබඳ දැනුම අඩු වන අතර මෙම වේදනාව සම්බන්ධ අත්දැකීම් දරණ ගැහැණු ළමයින් පන්ති කාමරය තුළ ක්‍රියාකාරිත්වය අඩුය. එමෙන්ම ඔවුන්ගේ පාසල් පැමිණීම ද සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව වාර්තා පෙන්වා දෙයි.  දත්ත විශ්ලේෂණයන්ට අනුව එක් ශිෂ්‍යයාවකට ඇයගේ සෑම ඔසප් අවස්ථාවකදීම පාසල මඟ හැරුනේ යැයි සැලකුවහොත්, ඇය සෙසු සිසුන්ට සාපේක්ෂව  දින 145 ක් පසුපසින් සිටියි.

Click the images below to enlarge