Handing over the restored musical equipment to Rathanajothi School

When Indian philanthropist Sandeep Harlalka visited Akurugoda Ratanajothi school in April 23, he noticed that the children who came on to stage for various musical performances , lacked the necessary musical equipment. School principal told him that most of the items were broken due to waer and tear.  Mr Sandeep then donated 100,000 rupees to the school and asked the principal to get the items repaired quickly 

On 15 August 2023. My Sirisena came to the school with all the musical items that had been fully refurbished .  At  a small ceremony, Mr Gamage handed them over to the school principal Mr Amarajeewa. Children were delighted to receive them because they could re-start their music lessons. My Gamage also donated new pairs of shoes for a few children

The children who were studying music came up to stage and played instrumental music and sang beautiful songs.   In his speech Mr Amarasena expressed his utmost gratitude to Mr and Mrs Sandeep for their generosity and thanked Mr Gamage and UKFG for their continuous support for the school .  At the end of the meeting, the children were treated for a sumptuous lunch courtesy of Mr Shanthi and Mrs Priyani Mendis who reside in USA

2023 අප්‍රේල් මස ලංකා සංචාරයේදී අකුරුගොඩ රතනජෝති පාසල නැරඹීමට දෙව්සිරි මහතා හා මැතිණිය සමග පැමිණි අමුත්තන් අතර ඔවුන්ගේ මිතුරන් වූ ඉන්දියාවේ දානපති  සන්දීප් හා විනීතා හලල්කා යුවලද වීය.    විද්‍යාල සිසුන් විසින් ඉදිරිපත් කරන ගී හා නැටුම් සංදර්ශනය බලා ඉතාමත් ප්‍රීතියට පත් එම යුවල විද්‍යාලයේ කැඩී බිඳී තිබුණු සංගීත භාණ්ඩ සියල්ලම අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ගාලු මිතුරු පදනමට පිරිනැමීය.

කඩිනමින් ඒවා අලුත්වැඩියාව සඳහා යොමු කල විද්‍යාලීය විදුහල්පති අමරසේන මහතා 2023 -08- 12 වන දින ඉතා අලංකාරවත්  උත්සවයක්ද සංවිධානය කර ගාලු මිතුරු පදනමේ සභාපති සිරිසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිසකර කරන ලද සංගීත භාණ්ඩ නැවත දරුවන් වෙත පිරිනැමුවේ දහසක් අත්පොළසන් නාදය මැද්දේය.මෙම අවස්ථාවට ආනන්ද හේවාවිදාන මහතාද සහභාගී විය.

එම සංගීත උපකරණ ප්‍රයෝජනයට ගනිමින් විද්‍යාලීය දුවා දරුවන් සුමිහිරි සංගීත වාදනයන්,නැටුම්,ගැයුම් ආදියෙන් ගාලු මිතුරු පදනම ඔවුන්ට කල සේවාවට ස්තූති පුද කළෝය.

එදිනම පාසල් සපත්තු නැති දරුවන් කිහිපදෙනෙකුටද ගාලු මිතුරු පදනමේ ධනපරිත්‍යාගයෙන්  සපත්තු ලබා දෙන ලද්දේ සිරිසේන ගමගේ සහ ආනන්ද හේවාවිදාන මහතාගේ සුරතෙනි.

සභාපති සිරිසේන ගමගේ මහතා රැස්වීම අමතමින් සංවිධානය කර තිබූ අලංකාරවත්  උත්සවය ඇගයීමක්ද සිදු කලේය.

මෙම ප්‍රීතිමත් අවස්ථාවේදී විද්‍යාලීය විදුහල්පති අමරසේන මහතා රැස්වීම අමතමින්  තම විද්‍යාලයේ දරුවන්ගේ සංගීත දැනුම සහ ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට තිබූ විශාල අඩුව නැවත පිළිසකර කර දුන් සන්දීප් හා විනිතා හලලාකා යුවලටත්,දෙව්සිරි මැතිතුමා ඇතුලු ගාලු මිතුරු පදනමේ සැමටත් ස්තූතිය පුද කලේය.

ඇමරිකාවේ පදිංචි ප්‍රියානි සහ මෙන්ඩිස් යුවළගේ ධන පරිත්‍යාගයෙන් විද්‍යාලයේ සියළු දරුවන්ට සහ ගුරුභවතුන්ට  ප්‍රණීත දිවා ආහාර වේලක් ලබා දීමද දරුවන්ගේ සතුට දෙගුණ තෙගුණ වීමට හේතු විය.

Click the images below to enlarge